Friday, October 30, 2026
HomeNEWSLatest NewsPCR පරීක්ෂණ වාර්තා ප්‍රමාද වීමට හේතුව ?

PCR පරීක්ෂණ වාර්තා ප්‍රමාද වීමට හේතුව ?

PCR පරීක්ෂණ වාර්තා ප්‍රමාද වීමට හේතුව ?

කොවිඩ් ආසාදිතයින් පරීක්ෂා කිරීම සඳහා සිදුකෙරෙන PCR පරීක්ෂණවල වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදයක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. 

පසුගිය 8 වන දා සිට පීසීආර් පරීක්ෂණ සඳහා යොදා ගනු ලබන යන්ත්‍ර අක්‍රීය වීම හේතුවෙන් එම ප්‍රමාදය ඇති වු බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

අද (29) උදෑසන “දෙරණ අරුණ“ සමග එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

“එම ප්‍රමාදය නිවැරදි වෙමින් තිබිය දී, පසුගිය 23 වන දා සිට යම් තරමක ප්‍රමාදයක් තියෙනවා කලින් වගේ එක් දිනයක් හෝ ආසන්න දිනයක වාර්තා ලබා ගැනීමේ හැකියාව නෑ. විශේෂයෙන්ම විශාල සංඛ්‍යාවක් ආසාදිතයින් සහ ආශ්‍රිතයින් වාර්තා වෙද්දි පීසීආර් පරීක්ෂණ සඳහා සාම්පල සංඛ්‍යාවක් ලංකාවෙන් යොමු වීම නිසා ප්‍රමාදයක් තිබෙන බව පේන්න තියෙනවා. නමුත් අපි ඍජුවම චෝදනා කළේ නෑ සති දෙක තුනක් ප්‍රමාදයක් කියලා. යම් ප්‍රමාදයක් තියෙනවා ඒකට පිළියම් බලධාරීන් සොයයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. “

මේ පිළිබඳ අදහස් දැක්වු යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, “මේ වනවිට ප්‍රධාන පීසීආර් පරීක්ෂණ යන්ත්‍රයක් ක්‍රීයාවිරහිත වීමක් තියෙනවා පසුගිය දින කිහිපය තුළ. ඒක හදන්න අපේ තාක්ෂණික නිලධාරීන් සෑහෙන්න උත්සහයක් ගත්තා. නමුත් හැකියාවක් ලැබුණේ නෑ. ඒ පීසීආර් පරීක්ෂණ යන්ත්‍රය විශාල වශයෙන් අපිට වාර්තා දුන්න යන්ත්‍රය. මේවා පැය 24 පුරාවට පසුගිය දින 20ක් පමණ භාවිත කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වෙලා තිබ්බා. මේ යන්ත්‍රය හදන්න චීනයෙන් එක් පුද්ගලයෙක් ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවයක් තිබ්බා. ඒකත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කටයුතු කරලා බොහෝ දුරට හෙට දිනයේ දී ඒ පුද්ගලයා ගෙන්නලා යම් නිරෝධායනයක් යටතේ, එම යන්ත්‍රය හදා ගන්න අපි කටයුතු කරනවා“ යනුවෙනි.

මේ අතර මහජන පරීක්ෂකවරුන්ගේ යම් අඩුවක් දිවයින පුරා මේ වන විට ඇතිව තිබෙන බව ද ඒ මහතා පැවසීය.

“මහජන පරීක්ෂකවරු 1817කට ආසන්න සංඛ්‍යාවක් තමයි ඉන්නේ, මේකෙන් 1400ක් වගේ ක්ෂේත්‍ර මහජන පරීක්ෂකවරු විදියට කටයුතු කරන්නේ. දිගින් දිගටම අපි බරපතළ ගැටලුවකට මුහුණ දෙනවා. විශේෂයෙන්ම ලංකාවේ ඇතැම් ප්‍රදේශවල කොළඹ මහනගර සභා සීමාවේ, මේ වන විට ආසාදිතයින් රෝහල් ගතකිරීම හැර ආසාදිතයින් සොයා යෑමේ බරපතළ ගැටලු නිර්මාණය වෙලා තියෙනවා. දැඩි හිඟයක් පවතිනවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ. කෙසේ වෙතත් පසුගිය අවස්ථාවේ දී කණ්ඩායම් දෙකක් පුහුණුව සඳහා විටින් විට බඳවා ගෙන දැනටත් පුහුණුව ලබමින් ඉන්නවා. දැන් පුහුණුව අඬාල වෙලා තියෙනවා. කෙසේ වෙතත් කඩිනමින් මේ තත්ත්වයට මුහුණ දීමට නම් මහජන පරීක්ෂකවරු කණ්ඩායම් දෙකක් වත් පුහුණුකර මුදා හැරිය යුතුයි කියලා බලධාරීන්ගේ අවධානයට යොමු කරනවා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කිසිම මුස්ලිම් මන්ත්‍රීවරයෙකුවත් කාශ්මීරය ගැන කතා නොකිරීම කණගාටුයි- ශිරාස් යුනුස්

වර්තමාන ආණ්ඩුව සහ විරුද්ධ පක්‍ෂය කාශ්මීරය ගැන කතා නොකිරීම ඉතාම කණගාටුවට කරුණක් බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුණුස් මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්ව⁣ා...

බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ

රුපියල් බිලියන 2.8 ක දේශීය අරමුදල් යොදාගනිමින් බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ.....! කොළඹ දිස්ත්‍රික්කයේ බේස්ලයින් මාර්ග දිගුව ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කරමින් කිරුලපන...

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එනවා – විපක්ෂ නායක සජිත්

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට...

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයින් බිහිකිරීමට සැලසුම් සකස් කරන ලෙසට ජනපතිගෙන් උපදෙස්

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයන් බිහිකිරීම මෙන්ම නිරෝගී ජනතාවක් වෙනුවෙන් ක්‍රීඩාව ප්‍රවර්ධනයට සැලසුම් සකස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්කර ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img