ආසාදිතයින් 140කට සුවයි
අද (30) උදෑසන වන විට තවත් කොරෝනා ආසාදිතයින් 140ක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්ය අංශ පවසති.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ගණන 4,282ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සුවය ලැබූවන් අතර, වැඩිම පිරිසක් මාලඹේ නෙවිල් ප්රනාන්දු රෝහලෙන් පිටව ගොස් ඇති අතර එම සංඛ්යාව 78ක් වන බව වසංගත රෝග විද්යා අංශය පැවසුවේය.
19 දෙනෙකු කාත්තන්කුඩි රෝහලෙන්, 18 දෙනෙකු අයි.ඩී.එච් රෝහලෙන් සහ අනෙක් ආසාදිතයින් ඉරණවිල, මිනුවන්ගොඩ, තෙල්දෙණිය, රඹුක්කන, ගල්ගමුව, කොස්ගම සහ දංකොටුව යන රෝහල්වලින් පිටව ගොස් තිබේ.
මේ වන මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 9,791ක් වන අතර, එයින් රෝහල්ගතව ප්රතිකාර ලබන ආසාදිතයින් ගණන 5,490කි.






















