මිනුවන්ගොඩ ආසාදිත පොකුර 7000ට ළංවෙයි
ඊයේ (30) දිනය තුළ මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්යාව 633කි. ඔවුන් සියලු දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් වේ.
ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුර අද (31) උදෑසන වන විට 6,946 දෙනෙක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන් පුද්ගලයින් 1,041 දෙනෙක් එම ඇඟලුම් කම්හලේ සේවකයින් වන අතර ඉතිරි පුද්ගලයින් 5,905 දෙනා එම කම්හලේ කොවිඩ් පොකුරට සම්බන්ධ පුද්ගලයින් වන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානය පවසයි.
මේ අනුව අද උදෑසන අබුඩාබි සිට පුද්ගලයින් 6ක්, දෝහා කටාර් සිට පුද්ගලයින් 12ක් මෙරටට පැමිණ ඇත.
අද දිනය තුළ දී ත්රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්යස්ථාන තුළින් පුද්ගලයින් 508 දෙනෙක් නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව තිබේ.
ඒ අනුව නිරෝධායන ක්රියාවලිය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගිය සමස්ථ පිරිස 60,079කි.
අද දිනය වන විටත් ත්රිවිධ හමුදාව පිසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්යස්ථාන 60ක් තුළ පුද්ගලයින් 5,760 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටී.
ඊයේ දිනය තුළ දී මෙරට පීසීආර් පරීක්ෂණ 12,106ක් සිදුකර ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානය පවසයි.
ඒ අනුව මෙරට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ ප්රමාණය 502,669ක් දක්වා ඉහළ ගොස් තිබේ.






















