Wednesday, October 28, 2026
HomeNEWSචීන අමෙරිකා අර්බුදයට අතපෙවීම අපේ කාර්යක් වෙන්නේ නෑ -ආචාර්ය පාලිත කොහොන

චීන අමෙරිකා අර්බුදයට අතපෙවීම අපේ කාර්යක් වෙන්නේ නෑ -ආචාර්ය පාලිත කොහොන

චීනය සහ අමෙරිකාව අතර පවතින අර්බුදයට මැදිහත්වීම ‍මෙරට කාර්යයක් නොවන බව චීන – ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පවසයි.

ඔහු පවසන්නේ රටේ ‍‍භෞමික අඛණ්ඩතාව ආරක්ෂායව කරගැනීම ඉතා වැදගත් වන අතර ඒ සම්බන්ධයෙන් ජනා‍ධිපති ගෝඨාභය රාජපක්ෂෂ මහතාට පැහැදිලි දැක්මක් පවතින බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු ආචාර්ය පාලිත කොහොන මහතා,

“චීනය හා ලංකාව අතර විශිෂ්ට සම්බන්ධතාවයක් තිබෙනවා. ඒ සම්බන්ධතාවය වඩාත් හොඳ පදනමක් මත, වඩාත් දියුණූ පදනමක් මත තැබීමයි මගේ පරමාර්ථය. ඔබ දන්නවා මුල සිටම අප අනුගමනය කළේ, නොබැඳි පිළිවෙතක්. අපේ ජනාධිපති තුමා එය පැහැදිලිව කියලා තියෙනවා. දැන් චීනයත් අමෙරිකාවත් අතර අර්බුදයක් තිබුණට ඒ අර්බුදය විසඳා ගැනීමේ වගකීම තියෙන්නේ ඒ දෙපාර්ශවයටයි. ඒ අර්බුදයට අතපෙවීම අපගේ කාර්යක් වන්නේ නෑ. අපගේ සුභසිද්ධිය හා සෛවරීභාවය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා නොවන විදියටයි අප කටයුතු කළ යුත්තේ. මං හිතන්නේ ජනාධිපති තුමාට තියෙනවා ඉතාම පැහැදිලි ප්‍රතිපත්තියක් මේ සම්බන්ධයෙන්. ඔහු කියා සිටිනවා පැහැදිලිවම අපි නොබැඳි රටක් අපි මධ්‍යස්ථ රටක් ඒ නිසා ලෝක බලවතුන් කුමන ආකාරයකින් කුලල්කා ගත්ත ද එයට මැදිවීම අපගේ අරමුණක් නොවේ කියලා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඊශ්‍රායල මහ මැතිවරණය ඉතාම උණුසුම්.. පාලක පක්ෂය හා විපක්ෂය අතර ආසන 51 බැගින් සම තත්ත්වයක්

ඊශ්‍රායල මහ මැතිවරණයේ ඡන්ද විමසීමට අනුව, අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සන්ධානය සහ විපක්ෂ සන්ධානය අතර ආසන 51 බැගින් සම තත්ත්වයක් පවතින බවට පුරෝකථනයක්: විදෙස් මාධ්‍ය

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img