Wednesday, October 28, 2026
HomeNEWSපාසල් සිසුවාගේ මරණයෙන් අවසන් වු ආරවුල

පාසල් සිසුවාගේ මරණයෙන් අවසන් වු ආරවුල

වීරකැටිය පොලිස් වසමේ මොරයාය ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් පාසල් සිසුවෙක් ඝාතනයට ලක්ව තිබේ.

ඊයේ (30) රාත්‍රී 7ට පමණ මෙය සිදුව ඇත.

ආරවුල දුරදිග යාමෙන් තියුණු ආයුධවලින් පහර දී ඇති අතර, ඉන් 6 දෙනෙක් තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී වයස අවුරුදු 17ක් වන මොරයාය, උතුරු වෑකඳවල ලිපිනයේ පදිංචි උසස් පෙළ හදාරමින් සිටින සිසුවෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගිය සිසුවාගේ පියා ද බරපතළ තත්ත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මෘත ශරීරය පිළිබඳ මුලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (31) සිදුකිරීමට නියමිතය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වීරකැටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img