Wednesday, October 28, 2026
HomeNEWSවත්තල කර්මාන්ත ශාලාවක 49 දෙනෙක් ආසාදිත බව හඳුනාගනී

වත්තල කර්මාන්ත ශාලාවක 49 දෙනෙක් ආසාදිත බව හඳුනාගනී

වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපය තුළ පවතින කර්මාන්ත ශාලාවක කොවිඩ් ආසාදිතයින් 49 දෙනෙක් වාර්තා වී ඇතැයි වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අබේසේකර මහතා සඳහන් කළේය.

මේ අතර, වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපය තුළ පසුගිය දෙදින තුළ සිදුකළ PCR පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ පිරිමි පුද්ගලයින් 75 දෙනෙකු රෝහල් ගත කිරීම ඊයේ (30) රාත්‍රියේ සහ අද (31) අලුයම සිදුකෙරුණි.

එම ප්‍රදේශයේ ආසාදිත බවට තහවුරු වූ කාන්තාවන් අද දිනයේ දී ප්‍රතිකාර සඳහා යොමු කිරීමට පියවර ගන්නා බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අබේසේකර මහතා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වන වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක, වරුණ අබේසේකර මහතා, 

“වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තුළ දින 2ක් තුළ වාර්තා වු කොවිඩ් 75 දෙනෙක් පිටත් කර යැවීම මේ සිදුවන්නේ. පිරිමි පාර්ශවය පමණයි. කාන්තාවන් හෙට දිනයේ දී රෝහල් ගත කිරීමට කටයුතු සුදානම් කර තියෙනවා. වත්තල තවත් පුද්ගලික කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් කොවිඩ් ආසාදිත තත්ත්වයට පත්වුණා. එහි සමස්ථ සේවක සංඛ්‍යාව 1000 ඉක්මවනවා. එහිදී අපි පීසීආර් පරීක්ෂණ කළ සංඛ්‍යාවෙන් මේ වන විට 49 දෙනෙක් ආසාදිත බව හඳුනාගෙන තිබෙනවා. එම ආසාදිතයින් සොයා අදාළ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. ඒ වගේම අදාළ කර්මාන්ත ශාලාව මේ වන විට තාවකාලිකව වසා දමා තිබෙනවා. අපිට 120ක පමණ ප්‍රමාණයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව තමයි 49ක වගේ ප්‍රමාණයක් ආසාදිත බව හඳුනාගෙන තියෙන්නේ මේ වනවිට.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img