Wednesday, October 28, 2026
HomeNEWSLatest Newsරටට සහ අග්‍රාමාත්‍යතුමාට සෙත් පතා පූජා කරන මුතු පබළු කරඬුව සෝමාවතී පුදබිමට...

රටට සහ අග්‍රාමාත්‍යතුමාට සෙත් පතා පූජා කරන මුතු පබළු කරඬුව සෝමාවතී පුදබිමට වැඩමවීම

රටට සහ අග්‍රාමාත්‍යතුමාට සෙත් පතා පූජා කරන මුතු පබළු කරඬුව සෝමාවතී පුදබිමට වැඩමවීම 

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඡන්ම දිනය නිමිත්තෙන් හා  කොව්ඩි-19 වසංගතය හමුවේ රටට සෙත් පතා සෝමාවතී පුදබිම වෙත පූජා කෙරෙන මුතු පබළුවලින් නිර්මිත කරඬුව අද 2020.10.30 දින අරලියගහ මන්දිරය බෝධීන් වහන්සේ අභියස තැන්පත් කෙරිණි.

අග්‍රාමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහෝ දිනකම පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 203 වැන්න සඳහාවැඩම කළ කරඬුව වැදපුදා ගත් අග්‍රාමාත්‍යතුමා, සෝමාවතී රජමහාවිහාරාධිපති, පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන්  වහන්සේවදුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් සෝමාවතී පුදබිම වෙත අද දින කරඬුව භාර කළේය.

මොරටුව, සත් කරඬු ආයතනයේ නදිනි හේවාරත්න මහත්මියගේ සංකල්පයක් අනුව නිර්මාණය කරන ලද අඩි 6ක් උසැති පිත්තල කරඬුව මුතු පබළුවලින් අලංකාරමත් කර තිබේ.

මේ සඳහා මින්දිකා ලේකම්ගේ මහත්මිය ඇතුළු සැදැහැවතුන් පිරිසක් දායකත්වය දැක් වූහ.

අරලියගහ මන්දිරයේ බෝධීන් වහන්සේ අභියස සිට සෝමාවතී පුදබිමට කරඬුව වැඩම කිරීම අද දිනයේ සිදු වේ.

එසේම කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රට වැසියාට සෙත් ප්‍රාර්ථනා කරමින්, නොවැම්බර් 17 දිනට යෙදෙන ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඡන්ම දිනයට සෙත් ප්‍රාර්ථනා කරමින් හා අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ පවුලේ සාමාජිකයින්ට සෙත් ප්‍රාර්ථනා කරමින් මෙම කරඩුව පූජා කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img