Wednesday, October 28, 2026
HomeNEWSලංකාවේ පැතිර යන වෛරසය ප්‍රබලයි - ජපුර විශ්වවිද්‍යාල පර්යේෂණයකින් හෙළිවේ

ලංකාවේ පැතිර යන වෛරසය ප්‍රබලයි – ජපුර විශ්වවිද්‍යාල පර්යේෂණයකින් හෙළිවේ

මේ වන විට මෙරට ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් -19 වෛරසය ‘B.1.42‘ යන කාණ්ඩයට අයත් ප්‍රබල වෛරසයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

එම විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය විසින් එම පර්යේෂණය සිදුකර ඇති අතර මීට පෙර මෙරට හමුවු කන්දකාඩු පොකුර B.1, B.2, B 1.1 සහ B.4 යන කාණ්ඩවලට අයත් වේ.

කෙසේ වෙතත් අද (31) පැවති “BIG FOCUS“ වැඩසටහනට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා ද මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය.

“මේ සම්බන්ධයෙන් පර්යේෂණයක් කළා මහාචාර්ය නීලිකා මලවිගේ. අද උදේ මට දැනගන්න ලැබුණා ඇය හොයා ගෙන තියෙනවා මේ වෛරසය ඉස්සෙල්ලා කන්දකාඩු, නේවි නැතිනම් ඊට කලින් අපිට හමුවන වෛරසය නෙමෙයි වෙන වේරියන්ට් එකක්. මේකේ විශේෂ දෙයක් තියෙනවා මේක ඉතාමත් දරුණු ලෙස අනිත් අයට පතුරවන්න හැකියාවක් තියෙනවා කියලා ඇය හොයා ගෙන තියෙනවා. ඒ විශේෂ ලක්ෂණය මේ වෛරස් එකේ තියෙනවා. ඒක තමයි ඉතාම කෙටි කාලයකින් විශාල පුද්ගලයින් ප්‍රමාණයකට මේක පැතිරෙන්න හේතුව…. B.1.42 කියන වෛරස් එකක්.කොවිඩ් වෛරස් එකක්ම තමයි සාස් වෛරස් එකක්. ඇයට කියන්න බෑ මේක එංගලන්තයේ තිබුණ එක ද අමෙරිකාවේ තිබුණ එකද කියලා. මොකද ඇය සතුව ඒ සාම්පල නෑ. නමුත් ඇය දිගටම පර්යේෂණ කරනවා කොහේ හරි රටකට සම්බන්ධයක් ඇති කර ගන්න පුළුවන් ද කියලා. එකක් පැහැදිලිව කියන්න පුළුවන් මේක අපිට තිබුණ එකක් නෙමෙයි පිටරටකින් අපිට ආපු එකක් කියලා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img