Sunday, May 3, 2026
HomeNEWSLatest Newsපාර්ලිමේන්තු සභාව මුල්වරට රැස්වෙයි

පාර්ලිමේන්තු සභාව මුල්වරට රැස්වෙයි

පාර්ලිමේන්තු සභාව මුල්වරට රැස්වෙයි

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පත් කෙරුණු පාර්ලිමේන්තු සභාවේ මංගල රැස්වීම ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පස්වරුවේ කථානායක නිල නිවසේදී පැවැත්විණි.

එම රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සහ අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා වන ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා වන කබීර් හෂීම් මන්ත්‍රීවරයාද පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සහ නියෝජ්‍ය මහ ලේකම් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල යන මහත්වරුන්ද එම අවස්ථාවට එක්ව සිටියහ.

පස්වරු 4.00 පමණ සිට පැයකට වැඩි කාලයක් පැවති මෙම රැස්වීමේදී පළමුව අදහස් දැක්වූ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු සභාවට එක්වූ සියළු සාමාජිකයන් ඉතා ගෞරවයෙන් පිළිගනිමින් ඉදිරියේදී වඩාත් සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා සියළුදෙනාට ආරාධනා කළේය.

ඉන්පසු කථානායකවරයාගේ උපදෙස් පරිදි මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට අනුව පාර්ලිමේන්තු සභාවේ නීතිමය රාමුව සහ එහි ක්‍රියාපටිපාටිය පැහැදිලි කරන ලදී.

ඉන්පසුව එහි සාමාජිකයන් ඉදිරියේදී අනුගමනය කළයුතු ක්‍රියාපටිපාටියන් පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර ඒ සම්බන්ධව ගතයුතු පියවර සම්බන්ධයෙන් එකගත්වයකට පැමිණියහ.

අනතුරුව ලබන නොවැම්බර් 10 වන දින පෙරවරු 10 ට සභාව යළි රැස්කිරීමට තීරණය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සියලු ඉන්ධන මිල යළි ඉහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු...

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img