Sunday, May 3, 2026
HomeNEWSLatest Newsනව ගුවන් හමුදාපති ජනපති හමුවෙයි ...

නව ගුවන් හමුදාපති ජනපති හමුවෙයි …

නව ගුවන් හමුදාපති ජනපති හමුවෙයි …

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය. 
සුදර්ශන පතිරණ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වැනි ගුවන් හමුදාපතිවරයායි.
පතිරණ මහතා, ප්‍රහාරක ජෙට් යානා මෙහෙයවමින් බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහි සටනේදී දක්ෂතා පෙන්වූ නිලධාරියෙකි. 
1990 වසරේදී සුපර් සොනික් F7  සහ 1995 දී කෆීර් ජෙට් යානා දිවයිනට ගෙන ආ නියමුවෙකු හා කෆීර් ජෙට් බලගනයේ අණදෙන නිලධාරියා ලෙස ද සුදර්ශන පතිරණ මහතා කටයුතු කර තිබේ.
ධූරයට පත්වීමෙන් පසු ගුවන් හමුදාපතිවරයා සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිතුමා හමු වූ අතර සමරු තිළිණ හුවමාරු කර ගැනීම ද සිදු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සියලු ඉන්ධන මිල යළි ඉහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු...

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img