කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් නිරෝධායනය සඳහා මධ්‍යස්ථානයක් වෙන යොමුකර සිටි පවුලකට අයත් නිවසකට සොරුන් ඇතුළු වී එහි තිබූ උපකරණ කිහිපයක් ගෙනයෑමේ පුවතක් වාර්තා වේ.
ඒ, මිනුවන්ගොඩ හොරන්පැල්ල ගාලකඩේ ප්‍රදේශයෙනි.
නිවසේ සවිකර තිබූ CCTV කැමරාවල සොරුන් කිහිපදෙනෙක් නිවසට ඇතුළුවන ආකාරය පටිගත වී තිබූ අතර පසුව ඔවුන් CCTV කැමරාවලට හානිකර ඒවා ක්‍රියාවිරහිත කිරීමට කටයුතු කර තිබුණි.
මෙලෙස රාත්‍රී කාලයේ නිවෙස වෙත ඇතුළු වූ සොරුන් නිවසේ තිබූ ගෘහ භාණ්ඩ ඇතුළු විදුලි උපකරණ රැගෙන ගොස් තිබේ.
මෙම නිවසේ පදිංචිකරුවන් ගම්පහ ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.






















