Saturday, May 2, 2026
HomeNEWSමිනුවන්ගොඩ - පෑලියගොඩ පොකුරෙන් සති දෙකකදී මරණ 16ක් - GMOA

මිනුවන්ගොඩ – පෑලියගොඩ පොකුරෙන් සති දෙකකදී මරණ 16ක් – GMOA

ඊයේ (05) දිනය තුළදී මෙරටින් කොවිඩ්  -19 වෛරසය ආසාදිතයන් 383 ක් හඳුනා ගැණුනි.

ඉන් වැඩිම පිරිසක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 168කි.

ගම්පහින් 157ක්, කළුතරින් 24ක්, කෑගල්ලෙන් 6ක්, මාතරින් 5 ක් , මඩකලපුව සහ කුරුණෑගල 

දිස්ත්‍රික්කවලින් එක් අයෙකු බැගින්ද ඊයේ දිනයේදී හඳුනා ගෙන තිබේ.

ඊයේ දිනයේදී සොයාගත් ආසාදිතයින් අතර පොලිස් නිලධාරීන් 21 ක් දෙනෙකුද සිටී. 

මේ සමග මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුර 9,096 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අංශ පසන්නේ, ඉන් 7,048 ක් ම ආශ්‍රිතයන් වන අතර 1,041 ක් මිනුවන්ගොඩ ඇඟලුම් 

කර්මාන්ත ශාලාවේ සේවකයන් වන බවත් 1,007 ක් පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයේ පුද්ගලයන් බවත්ය.

මෙම පොකුරේ ආසාදිතයන්ගෙන් 16 දෙනෙකු මියගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 

පැවසීය. 

එම මරණ සියල්ල සිදුව ඇත්තේ සති දෙකක් වැනි කෙටි කලක් තුළදීය.

මේ දක්වා මෙරටදී හඳුනාගෙන ඇති මුළු කොවිඩ් ආසාදිතයන් ගණන 12,570ක් වේ.

ඉන් 6,623 ක් පූර්ණ සුවය ලබා ඇති අතර 5,918 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

ඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් මරණ 5ත් සමග මියගිය සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 29 ක් ලෙස දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...

සඳ වටා ගිය ගගනගාමින් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img