ධීවර සංස්ථා රථයකින් පැන ගිය කොවිඩ් ආසාදිතයින් සැඟවී සිටියදී සොයාගනී
කොවිඩ් වෛරසයට ගොදුරු වූ, පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණ කාර්යාලයේ සේවකයින් සිව්දෙනෙකු අද (07) පොළොන්නරුව මින්නේරිය ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.
සෞඛ්‍ය අංශ පැවසුවේ පසුගියදා මෝදර දී පුද්ගලයන් 07 දෙනෙකුට PCR පරීක්ෂණ සිදුකර තිබූ අතර එහි ප්‍රතිඵල පැමිණීමට පෙර මෙම පිරිස කිසිවෙකුටත් නොදන්වා පොළොන්නරුව, මින්නේරිය ධීවර සංස්ථාවට අයත් නිකේතනයකට ධීවර සංස්ථා රථයකින් පැමිණ ඇති බවය.
ගම්වාසීන්ගෙන් ලද තොරතුරකට අනුව සෞඛ්‍ය අංශ විසින් එම ස්ථානය පරීක්ෂා කර එහි සැඟව සිටියදී ඔවුන් පිරිස සොයාගෙන තිබේ.
ඉන් සිව් දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය.






















