Tuesday, October 27, 2026
HomeNEWSඊයේ කොව්ඩ් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ

ඊයේ කොව්ඩ් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ

දිවයිනේ දිස්ත්‍රික්ක 14කින් ඊයේ (07) දිනයේ කොවිඩ් -19 ආසාදිතයින් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඊයේ දිනයේ අදාළ දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 444 දෙනෙකු හඳුනාගෙන තිබු අතර වැඩිම සංඛ්‍යාව වූ ආසාදිතයින් 177 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

ඊයේ දින හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් පහත පරිදි වේ,

කොළඹ නගර සභා බලප්‍රදේශයෙන් – 72
නුගේගොඩ – 09

ගම්පහ දිස්ත්‍රික්කය – 174
කුරුණැගල දිස්ත්‍රික්කය – 25
කෑගල්ල දිස්ත්‍රික්කය – 14 
නුවරඑළිය දිස්ත්‍රික්කය – 12
කළුතර දිස්ත්‍රික්කය – 10
මහනුවර දිස්ත්‍රික්කය – 09
පුත්තලම දිස්ත්‍රික්කය – 07
රත්නපුර දිස්ත්‍රික්කය – 06
මඩකලපුව දිස්ත්‍රික්කය – 04
ගාල්ල දිස්ත්‍රික්කය 03
මාතලේ දිස්ත්‍රික්කය – 01
හම්බන්තොට දිස්ත්‍රික්කය – 01
මොණරාගල දිස්ත්‍රික්කය – 01

මේ අතර ඊයේ දිනයේ හඳුනාගත්  නව ආසාදිතයින් අතර පෑලිගොඩ පොලිස් ස්ථානයේ නිලධාරියෙකු ද වන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.

ගතවු පැය 24 තුළ නිරෝධායන ඇඳීරිනීතිය කඩකළ පුද්ගලයින් 150 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ කාලය තුළ රථවාහන 22ක් ද පොලිස්භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

නිරෝධායන ඇඳිරිනීතිය පැනවු ඔක්තෝබර් මස 04 වනදා සිට මේ දක්වා කාලය තුළ එය කඩකළ පුද්ගලයින් 2832ක් සහ රථවාහන 425ක් පොලිස් භාරයට ගෙන තිබේ.

මුහුණුඅවරණ නොපැළදීම සහ සමාජ දුරස්ථභාවය තබානොගැනීම සම්බන්ධයෙන් ද පුද්ගලයින් 116ක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...

ගල් අඟුරු වංචාවේ සියලු තොරතුරු ලබන 12 වෙනිදා හෙළි කරනවා-පාඨලී

*ගිවිසුමට සම්පුර්ණයෙන්ම පටහැනිව, වාරකන් සමයේ, අමාත්‍යවරයාගේ අවසරයකින් තොරව ගෙන්වූ ගල් අඟුරු නැව් දෙකේ වගකීමක් මට නෑ..වගකීම තියෙන්නේ ලංකා ගල් අඟුරු සමාගමට හා නැව් සංස්ථාවට...

ග්‍රාමීය සංවර්ධනයට රුපියල් මිලියන 180,000ක් – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු ග්‍රාමීය සංවර්ධන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img