දිවයිනේ දිස්ත්‍රික්ක 14කින් ඊයේ (07) දිනයේ කොවිඩ් -19 ආසාදිතයින් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඊයේ දිනයේ අදාළ දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 444 දෙනෙකු හඳුනාගෙන තිබු අතර වැඩිම සංඛ්‍යාව වූ ආසාදිතයින් 177 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
ඊයේ දින හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් පහත පරිදි වේ,
කොළඹ නගර සභා බලප්‍රදේශයෙන් – 72
නුගේගොඩ – 09
ගම්පහ දිස්ත්‍රික්කය – 174
කුරුණැගල දිස්ත්‍රික්කය – 25
කෑගල්ල දිස්ත්‍රික්කය – 14
නුවරඑළිය දිස්ත්‍රික්කය – 12
කළුතර දිස්ත්‍රික්කය – 10
මහනුවර දිස්ත්‍රික්කය – 09
පුත්තලම දිස්ත්‍රික්කය – 07
රත්නපුර දිස්ත්‍රික්කය – 06
මඩකලපුව දිස්ත්‍රික්කය – 04
ගාල්ල දිස්ත්‍රික්කය 03
මාතලේ දිස්ත්‍රික්කය – 01
හම්බන්තොට දිස්ත්‍රික්කය – 01
මොණරාගල දිස්ත්‍රික්කය – 01
මේ අතර ඊයේ දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් අතර පෑලිගොඩ පොලිස් ස්ථානයේ නිලධාරියෙකු ද වන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.
ගතවු පැය 24 තුළ නිරෝධායන ඇඳීරිනීතිය කඩකළ පුද්ගලයින් 150 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ කාලය තුළ රථවාහන 22ක් ද පොලිස්භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
නිරෝධායන ඇඳිරිනීතිය පැනවු ඔක්තෝබර් මස 04 වනදා සිට මේ දක්වා කාලය තුළ එය කඩකළ පුද්ගලයින් 2832ක් සහ රථවාහන 425ක් පොලිස් භාරයට ගෙන තිබේ.
මුහුණුඅවරණ නොපැළදීම සහ සමාජ දුරස්ථභාවය තබානොගැනීම සම්බන්ධයෙන් ද පුද්ගලයින් 116ක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.






















