පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තේරීම් කාරක සභාවේ විශේෂ රැස්වීමක්
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තේරීම් කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (09) පැවැත්වීමට නියමිතය.
ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.
අද පස්වරු 02.00 ට පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා සහභාගී වන ලෙස පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සියලුදෙනාට දැනුම් දී තිබේ.
මෙහිදී එළඹෙන 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ලේඛනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.
විශේෂයෙන් වත්මන් සෞඛ්‍ය තත්ත්වය හමුවේ අයවැය විවාදය පැවැත්වෙන කාලසීමාව සම්බන්ධයෙන් මෙහිදී තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.






















