Friday, April 24, 2026
HomeNEWSCOVID-19ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 460ක් දක්වා ඉහළට‍

ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 460ක් දක්වා ඉහළට‍

ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 460ක් දක්වා ඉහළට‍

අද වන විට පොලිස් නිලධාරීන් 460කට ආසන්න ප්‍රමාණයකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අතරින් යම් පිරිසක් මේ වන විට පූර්ණ සුවය ලබා ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර, කොළඹ නගරය තුළ ආසාදිත බවට පත්ව ඇති පොලිස් නිලධාරීන් පිළිබඳ සොයා බැලීම සඳහා අද (10) දිනයේ සිට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු තිදෙනෙක් ද පොලිස්පතිවරයා විසින් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා,

“අනෙක් ආසාදිතයින් දිනපතා බිහිවන්නේ නිරෝධායනයට ලක්කළ 3000කට ආසන්න නිලධාරීන් අතරින්. අපි විවිධාකාරයෙන් මේ වන විට පොලිස් නිලධාරීන් නිරෝධායනය කඳවුරුවලට පොලිස් නිලධාරීන් යොමුකරලා තියෙනවා. ඒ අයගේ පීසීආර් පරීක්ෂණවලින් තමයි මේ තත්ත්වයට පත්වෙලා ආසාදිතයෝ බවට පත්වෙන්නේ. කෙසේවෙතත් මේ තත්ත්වය පාලනය කිරීමට හැකි සෑම පියවරක්ම අරන් තියෙනවා. ඇඳිරිනීතිය පටන්ගත්ත දිනයේ සිට අද දක්වා වැඩ කළ පොලිස් නිලධාරීන් 80,000කට ආසන්න පිරිසක් අතරින් කොටසකට තමයි මේක වැළඳුනේ හැබැයි වැළඳුනේ සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. මාළු කඩේ පොකුරට යම් ආකාරයකින් සම්බන්ධ වීම නිසයි. සාමාන්‍ය රාජකාරී කරන අයගෙන් වෙන්කරලා තමයි මොවුන් බිහිවෙන්නේ. කෙසේවෙතත් අද ඉදලා පොලිස්පති තුමා විසින් කොළඹ නගරයේ ආසාදිත නිලධාරීන් පිළිබඳ හොයලා බලන්න ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු තිදෙනෙක් පත්කරලා තියෙනවා. සෞඛ්‍ය අංශ සමග ඍජුව ගනුදෙනු කර මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

20/20 ක්‍රිකට් නායක දසුන් ශානකට තහනමක්

IPL තරගාවලියට එක්ව සිටින ශ්‍රි ලංකා 20/20 ක්‍රිකට් නායක දසුන් ශානක, ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කර ඇති බව පවසමින් වසරක් PSL තරගාවලිය තහනම් කිරීමට පාකිස්තාන...

හෝමුස් හි බලය යළි ඉරානයට

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා, ආරක්ෂක සහ පාරිසරික ආරක්ෂණ ගාස්තු ගෙවිය යුතු බව ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය නිවේදනය කරයි. මේ අතර යුද්ධය...

කරන්දෙණියේ රාජු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන 'කරන්දෙණියේ රාජු' නමැත්තාගෙන් පැය 72ක කාලයක් රඳවාගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර...

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල්

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img