Friday, April 24, 2026
HomeNEWSLatest Newsඉදිරි අයවැය ගැන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ගෙන් ඉඟියක්..

ඉදිරි අයවැය ගැන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ගෙන් ඉඟියක්..

ඉදිරි අයවැය ගැන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ගෙන් ඉඟියක්..

එලබෙන අයවැයේදී අපි මූලිකත්වය දීලා තියෙන්නේ ගොවි ආර්ථිකයටයි. ගොවි ආර්ථිකය ශක්තිමත් කරන එක තමයි අපේ සෞභාග්‍යෙය් දැක්ම ප්‍රතිපත්තියේ මූලිකත්වය වෙලා තියෙන්නේ. අයවැයේ රහස් මට කියන්න විදිහක් නෑ. මොකද අයවැය ඉදිරිපත් කරන්නෙ මුදල් ඇමතිතුමා. මේ ආණ්ඩුව මේ වෙනකොට අරන් තියෙන තීන්දු තීරණ දිහා බලපුවහම අපට පැහැදිලිවම පේනවා ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන්න යෝජනා රැසක් එලබෙන අයවැයේදී ඉදිරිපත් වේවි යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ගොවි ආර්ථිකය ශක්තිමත් කරන්න පිටරටින් ගෙනෙන ගොඩක් දේවල් අපි නතර කරලා තියෙනවා. කවුරුහරි හිතනවනම් කොවිඩ් නිසා අපේ රටේ ආර්ථිකය වැටිල තියෙනවා කියලා ඒක බොරුවක්, අපිට යහපාලනයෙන් ලැබුනේ වැටිච්ච ආර්ථිකයක්. අපි එම ආර්ථිකය වැටෙන්න නොදී ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට ගරු ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ රජයේ ක්‍රියා කරගෙන සිටිනවා.

මන්නාරම්, වව්නියාව හා කිලිනොච්චි දිස්ත්‍රික්කවලත් ඊයේ දිනයේදී යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්ක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ රජයේ ගරු අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ගේ සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව සංවර්ධනය ගමට ගෙනියන වැඩපිලිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ. විශේෂයෙන්ම මේ පළාතේ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ නියෝජිතයන්ද මෙම වැඩපිළිවෙල සඳහා සහභාගි වුණා. ඒක ඉතාමත්ම හොඳ දෙයක්. විශේෂයෙන්ම මහාමාර්ග පද්ධතියේ කිලෝමීටර් ලක්ෂයේ වැඩ පිලිවෙල සහ නිවාස සංවර්ධනයේ නිවාස වැඩපිළිවෙළ වාරිමාර්ගයේ වාරිමාර්ග වැඩපිළිවෙළ වැව් සහ පානීය ජලය ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය නාගරික සංවර්ධන වැඩපිළිවෙළ ගමට ගෙනියන වැඩපිළිවෙල තමයි ක්‍රියාත්මක වුණේ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී දිස්ත්‍රික් මට්ටමින් විතරක් නොව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙම වැඩපිළිවෙල දිරියට ක්‍රියාත්මක කිරීමට. පළාතේ ජනතාවගේ පළාතේ ගොවියාගේ ආර්ථිකය දියුණු කිරීමටත් ප්‍රාදේශීය හා නාගරික ආර්ථිකය දියුණු කිරිමේ මහා මෙහෙයුමක් සඳහා මූලික අඩිතාලම ලෙස තමයි අද මේ රැස්වීම් පවත්වන්නේ. අපි මේක ආරම්භ කළේ උතුරු පළාතෙන්, මේ පළාතෙන් තමයි අපිට අපේ රජයට ජනාධිපතිතුමාට අඩුවෙන්ම ඡන්ද ලැබුනේ. ඒ ප්‍රදේශයක් තමයි අපි ඉස්සෙල්ලම තෝරගත්තේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. මේක අපි මුළු රටේම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී මේක දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරලා මේ රට ඉතාමත්ම සීඝ්‍රග්‍රාමීව සීඝ්‍රයෙන් ක්‍රියාත්මක කර දියුණු කරන වැඩපිළිවෙලකට තමයි අපි ගමන් කිරිමට යන්නේ.

කොවිඩ් මේ ලංකාවට විතරක් තියෙන ලෙඩක් නෙමෙයිනේ. මුළු ලෝකයම මේ වසංගතයට ගොදුරු වෙලා තියෙනවා. මේකෙන් මිදෙන්න එන්නතක් හොයා ගන්නකම් අපිට වෙනවා මේකට මුහුණ දෙන්න. අපිට තියෙන්නෙ පරිස්සම් වෙන එක. අපේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලන්නේ අපි මේකෙන් මිදෙන්න ඕන. විපක්ෂය බලාගෙන ඉන්නෙ මේක ඇදලා මිනිස්සු මැරෙනකම්. අපි ඒකට අහුවෙන නැතුව නියමිත සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව අප ජීවත් වෙන්න ඕනා. කොවිඩ්, කොවිඩ් කියලා මේක වහගෙන හැංගිලා ගෙවල් වලට වෙලා හිටියොත් මිනිසුන්ගේ ආර්ථිකය විතරක් නෙමේ මුළු රටත් විනාශ වෙනවා. ලෝකයේ එන්නතක් හොයාගන්නකම් අපි පරිස්සම් වෙන්න ඕන. ලෝකයේ එන්නතක් හොයා ගන්නකම් අපිට මේකට මුහුන දෙන්න වෙනවා. ඒකට තව අවුරුද්දක් වෙන්න පුළුවන් දෙකක් වෙන්න පුළුවන් තව අවුරුදු 25 ක් මේක තිබුනත් අපිට මේ රට වහගෙන ඉන්න බැහැනේ එම නිසා නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් අපි කටයුතු කරන්න ඕන.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

20/20 ක්‍රිකට් නායක දසුන් ශානකට තහනමක්

IPL තරගාවලියට එක්ව සිටින ශ්‍රි ලංකා 20/20 ක්‍රිකට් නායක දසුන් ශානක, ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කර ඇති බව පවසමින් වසරක් PSL තරගාවලිය තහනම් කිරීමට පාකිස්තාන...

හෝමුස් හි බලය යළි ඉරානයට

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා, ආරක්ෂක සහ පාරිසරික ආරක්ෂණ ගාස්තු ගෙවිය යුතු බව ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය නිවේදනය කරයි. මේ අතර යුද්ධය...

කරන්දෙණියේ රාජු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන 'කරන්දෙණියේ රාජු' නමැත්තාගෙන් පැය 72ක කාලයක් රඳවාගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර...

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල්

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img