සුවය ලැබු සමස්ථය 9500 ඉක්මවයි
අද (10) දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයින් 657 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 9,537ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අයි.ඩී.එච්, වැලිකන්ද, ඉරණවිල, මුල්ලේරියාව ඇතුළු රෝහල් 29 ක ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.
මේ අතර, ඊයේ (09) දිනයේ දී මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 356 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 14,285ක් දක්වා ඉහළ ගියේය.
ඊයේ දිනය තුළ මෙරට 36 කොවිඩ් මරණය වාර්තා වු අතර මේ වන ආසාදියින් 4,712 දිවයිනේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබයි.






















