Friday, April 17, 2026
HomeNEWSLatest Newsගිලන්රථයක් අවශ්‍ය වුවහොත් දැනුම්දීමට අංකයක්

ගිලන්රථයක් අවශ්‍ය වුවහොත් දැනුම්දීමට අංකයක්

ගිලන්රථයක් අවශ්‍ය වුවහොත් දැනුම්දීමට අංකයක්

කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කෙරුණු ප්‍රදේශවල වෙසෙන ජනතාවට හදිසි රෝගී තත්ත්වයන් ඇතිවුවහොත් ඒ සඳහා ගිලන්රථ ගෙන්වා ගැනීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසා සිටියේ,  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දැනුම්දීම මත එය සිදුකළ බවය.

“විශේෂයෙන් ලොක්ඩවුන් ප්‍රදේශවල හදිසි අවශ්‍යතාවයක් තියෙන්න පුළුවන්. ළමයෙක්ගේ අසනීපයක් තියෙන්න පුළුවන්, ගර්භනී මාතාවක් වෙන්න පුළුවන්. කොවිඩ් නොවන රෝගයක්. කොවිඩ් වුණත් කමක් නෑ. එවැනි දේකට සේවය සපයන්න විශේෂ දුරකථන අංශයක් හඳුන්වා දීලා තියෙනවා. 0113422558 කියන දුරකථන අංකය. එයට කථා කළොත් කොළඹ ආසන්නයේ සිටින අයට ගිලන්රථයක් අවශ්‍ය නම් මෙයට කථා කරලා මෙම සේවය ලබා ගන්න පුළුවන්. අනෙක් පළාත්වල අය උනත් මේ දුරකථන අංකයට කථා කළොත් ඒ කටයුතු සුදානම් කරලා දෙන්න පුළුවන්.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img