Thursday, April 16, 2026
HomeNEWSLatest Newsවිපක්ෂයේ සභාව කල්තැබීමේ යෝජනාව අද

විපක්ෂයේ සභාව කල්තැබීමේ යෝජනාව අද

විපක්ෂයේ සභාව කල්තැබීමේ යෝජනාව අද

විපක්ෂය විසින් සභාව කල්තැබීමේ යෝජනාව අද (13) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ඉල්ලීමකට අනුව අද දිනයේදීත් පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර ඇති අතර එහිදි විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.

අද උදෑසන 10.00ට සුපුරුදු පරිදි කථානායක මහහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වෙනු ඇත.

මේ අතර 2020 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීම පාර්ලිමේන්තුව ඡන්ද විමසීමකින් තොරව සම්මත වී තිබේ.

ඊයේ (12) දිනය පුරා දෙවන වර කියවීමේ විවාදය පැවති අතර ඉන් අනතුරුව ඡන්ද විමසීම පැවත්වීමට නියමිතව තිබුණි.

එහෙත් මෙහිදී විපක්ෂය ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේ නැහැ.

කෙසේවෙතත් සමගි ජනබලවේගය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද සිය විරෝධතාව සටහන් කරගන්නා ලෙස කථානායකනවරයාට දැනුම්දුන්නේය.

විසර්ජන පනත් කෙටුම්පත ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img