Thursday, April 16, 2026
HomeNEWSLatest Newsකිසිදු රැපිඩ් ටෙස්ට් කට්ටලයක් රජයෙන් මෙතෙක් මිල දී ගෙන නෑ -චන්න ජයසුමන

කිසිදු රැපිඩ් ටෙස්ට් කට්ටලයක් රජයෙන් මෙතෙක් මිල දී ගෙන නෑ -චන්න ජයසුමන

කිසිදු රැපිඩ් ටෙස්ට් කට්ටලයක් රජයෙන් මෙතෙක් මිල දී ගෙන නෑ -චන්න ජයසුමන

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා වන ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල තවමත් රාජ්‍ය අංශයෙන් මිල දී ගෙන නොමැති බව  ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

අද (13) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එමෙන්ම එම කට්ටල සඳහා ටෙන්ඩර් කැඳවීමේ දී කිසිදු අක්‍රමිකතාවයක් සිදුව නොමැති බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බව ද මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු මහාචාර්ය චන්න ජයසුමන මහතා,

“වෛද්‍ය සැපයුම් අංශය මගින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට දැනුම් දීලා හදිසි මිලදී ගැනීමක් හැටියට. ඒ අනුව 2020.10.29 ටෙන්ඩර් කැඳවීමක් සිදුවෙනවා. ඒක හොරෙන් කරපු දෙයක් නෙමෙයි. ඖෂධ හා වෛද්‍ය පහසුකම් සැපයුම්කරුවන්ගේ සංගමයේ සියලුදෙනාට ඒක දැනුම් දෙනවා. ඒ වගේම SPC එකේ වෙබ් අඩවියේ මේක දානවා. ඒ දාපු නිසා තමයි මේ නිෂ්පාදන වර්ග 32ක් සමාගම් 29කට අයිති 32ක් ලන්සු තබලා තියෙනවා. ඒ ටෙන්ඩරය විවෘත කිරීම සිදුවුණේ නොවැම්බර් මාසයේ 2 වන දා හවස 2.30ට. රටේ තිබුණ තත්ත්වය මත හදිසි ටෙන්ඩර් කැඳවීමක් තමයි සිදුකළේ. මොකද සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටියේ ගියා නම් සති ගණනාවක් ගත වෙන නිසා. මීට පෙරත් මේ ආකාරයේ මිල දී ගැනීම් සිදුකර තිබෙනවා. ඒ ටෙන්ඩරය විවෘත කරාට පස්සේ තාක්ෂණික ඇගයිම් කමිටුවට යවනවා. ඒ තාක්ෂණික ඇගයීම මේ වෙන තෙක් සිදුවෙනවා. ඒක ඉවර නෑ. ටෙන්ටර් එක තවමත් කිසිදු ආයතනයකට රාජ්‍ය අංශයෙන් ලබා දී නෑ. එකදු රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් කට්ටලයක් මේ වෙන තෙක් රාජ්‍ය අංශයෙන් මිලදී ගෙන නෑ. සත පහක් හෝ ඒ සඳහා වියදම් කරලා නෑ.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img