Thursday, April 16, 2026
HomeNEWSLatest Newsබදියුදීන්ට ඇප නොදීමට හේතුව

බදියුදීන්ට ඇප නොදීමට හේතුව

බදියුදීන්ට ඇප නොදීමට හේතුව

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ නඩුව අද (13) කැඳවූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමින් කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් මෙම නියෝගය ලබාදුන් බව “අද දෙරණ“ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

පවත්නා කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එම වෛරසය මන්ත්‍රීවරයාට ආසාදනය වීමට ඉඩකඩක් ඇති බැවින් ඔහු ඇප මත මුදාහරින ලෙස පසුගිය 10 වනදා ඔහුගේ නීතිඥවරුන් විසින් ඉල්ලීමක් සිදුකර තිබුණි.

කෙසේවෙතත් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින අතර එහි කිසිදු නිලධාරියෙකුට හෝ රැඳවියෙකුට වෛරසය ආසාදනය වී නොමැති  බවට පසුගිය 9 වනදා බන්ධනාගාර අධිකාරීවරයා විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

එම වාර්තාවට අනුව මන්ත්‍රීවරයාට වෛරසය ආසාදනය වීමේ අවදානමක් නොමැති බවට පෙනී යන බැවින් මහෙස්ත්‍රාත්වරයා විසින් ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බව “අද දෙරණ“ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

ඒ අනුව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සහ සිද්ධියේ තුන්වන සැකකරු ලබන 25 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර එහි දෙවන සැකකරු ඇප මත මුදා හැරීමට ද නියෝග කළේය.

2019 ජනාධිපතිවරණ සමයේදී අවතැන්වූවන් ලංගම බස් රථ යොදා ගනිමින් ප්‍රවාහනය කිරීම තුළින් රජයේ මුදල් අවභාවිත කළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී  රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව අදාළ නඩුව පවරා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img