Friday, April 17, 2026
HomeNEWSLatest Newsජනපති, අගමැති, රටවැසි සැමට සෙත් පතා මහා සෙත්පිරිත් සජ්ජායනයක් මිරිසවැටිය පුද බිමේ...

ජනපති, අගමැති, රටවැසි සැමට සෙත් පතා මහා සෙත්පිරිත් සජ්ජායනයක් මිරිසවැටිය පුද බිමේ දී ….

ජනපති, අගමැති, රටවැසි සැමට සෙත් පතා මහා සෙත්පිරිත් සජ්ජායනයක් මිරිසවැටිය පුද බිමේ දී ….


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහ රටවැසි සැමට සෙත් පතා පන්සිය නමක් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් මහා සෙත් පිරිත් සජ්ජායනාවක් ඓතිහාසික මිරිසවැටිය පූද බිමේ සලපතල මළුවේදී අද (14) පස්වරුවේ පැවැත්විණ.

රටවැසි සහ ලෝවැසි ජනතාව මුහුණ පා සිටින කොරෝනා වසංගතයෙන් අත්මිදීම සඳහා ආශිර්වාද කිරීම, ජනාධිපතිතුමා ධූරයට පත්ව වසරක් සපිරීම සහ අග්‍රාමාත්‍යතුමාගේ ජන්ම දිනයනිමිති කොට සෙත් පැතීමේ පිංකම සංවිධාන කෙරිණ.

සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක, අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරි නිවාස නාහිමියන්ගේ උපදෙස් මත, මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ඊතලවැටුණු වැවේ ඥාණතිලක හිමියන්ගේ මෙහෙයවීමෙන්, මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ පිංකමට දිවයිනේ නන්දෙසින් වැඩම කළ පන්සිය නමක් මහා සංඝරත්නය සහභාගී වූහ.

මිරිසවැටිය පුදබිමේ බුද්ධ මන්දිරයේ බුද්ධ පූජාව තැන්පත් කිරීමෙන් පූණ්‍ය කර්මය ආරම්භ විය.

ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා දුටුගැමුණු මහ රජතුමාගේ ප්‍රතිමාවට මල් මාලා පළදවා පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මහා සංඝරත්නය ස්තෝත්‍ර කියවීම සිදු කළහ. 

මිරිසවැටිය චෛත්‍ය රාජයාණන් වහන්සේ ගර්භයේ තැන්පත් කර ඇති ජයකොන්තයට පහන් දැල්වීම ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා විසින් කරනු ලැබීය.

ජනාධිපතිතුමා දැහැත් වට්ටිය පිළිගන්වා මහා සංඝරත්නයට සෙත් පිරිත් සජ්ජායනාවට ආරාධනා කළේය. 

සෙත් පිරිත් සජ්ජායනයෙන් අනතුරුව මල්වතු, අස්ගිරි අනුනායක හිමිපාණන් වහන්සේ අටමස්ථානාධිපති නාහිමි ඇතුළු මහා සංඝරත්නය ජනාධිපතිතුමාට සහ අග්‍රාමාත්‍යතුමාට තිළිණ පිළිගැන්වූහ.

ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා මහා සංඝරත්නයට පිරිකර පුජා කළ අතර, ජාතික, ආගමික සහ සාමාජයිය මෙහෙවර උදෙසා මහා සංඝරත්නය වෙනුවෙන් උපහාර තිළිණ පිළි ගැන්වීම  සිදු කෙරිණ. 

මැති ඇමතිවරු, උතුරු පළාත් ආණ්ඩුකාරවරයා, අමාත්‍යාංශ ලේකම්වරු, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති සහ ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img