Friday, April 17, 2026
HomeNEWSLatest Newsදිවුලපතාන කිරි ගවයින්මඩකලපුව සම්බන්ධීකරණ කමිටු රැස්වීම උණුසුම් කරයි

දිවුලපතාන කිරි ගවයින්මඩකලපුව සම්බන්ධීකරණ කමිටු රැස්වීම උණුසුම් කරයි

දිවුලපතාන කිරි ගවයින්මඩකලපුව සම්බන්ධීකරණ කමිටු රැස්වීම උණුසුම් කරයි

මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කරන කමිටු රැස්වීම පසුගියදා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාගේ සම සභාපතිත්වයෙන් යුතුව මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීමෙන් පසුව එම දිස්ත්‍රික්කයේ පැවති පළමු සම්බන්ධීකරණ කමිටු රැස්වීම මෙය වේ. 

මඩකලපුව, දිවුල පතාන, මයිලෙත්තමඩු ප්‍රදේශයේ ඉඩම් කෘෂිකර්මාන්තය සඳහා ලබා දීමට එරෙහිව දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් එහිදී ආණ්ඩුකාරවරියට චෝදනා කළහ. එම ඉඩම් මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතිකරන ගවයන්ගේ තෘණ භූමි බැවින් වගා කිරීම සඳහා ලබාදිය නොහැකි බව එම මන්ත්‍රීවරුන් පිරිස කියා සිටියහ.

එහිදී ආණ්ඩුකාරවරිය දැඩිව අවධාරණය කළේ වගා කිරීම සඳහා එම ඉඩම් ලබා දීමේදී ගව පාලනය සිදු කරන ගොවීන්ට කිසිදු අසාධාරණයක් නොවීමට තමන් වගබලා ගන්නා බවය.

එම ප්‍රදේශයේ ඇතිකරණ ගවයින් ආහාර, ජලය නොමැතිව දැඩි අපහසුතාවයන්ට ලක් ව සිටින අතර ඒ පිළිබඳව කිසිදු දේශපාලනඥයකුට නොපෙනීම ගැන තමන් කණගාටුවන බවද ආණ්ඩුකාරවරිය කීවාය.

මෙහිදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුකාරවරියට තර්ජනාත්මක ස්වරයෙන් විවිධ බලපෑම් සිදු කළ අතර ආණ්ඩුකාරවරිය කියා සිටියේ එවැනි බලපෑම් හමුවේ තමන් පළාතට සිදුකරන සේවය කිසිදා නතර කිරීමට සූදානම් නොමැති බවය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූප ආණ්ඩුකාරවරිය මෙසේද පැවසුවාය.

“ මේක ඉතා ගෞරවණිය රැස්වීමක් අපි හැමෝම විනීතව හැසිරෙන්න ඕනේ. මම මේ රැස්වීමේ සම  සභාපති හැටියට ඔය විදියට හැසිරෙන එක මට කරන ලොකුම අගෞරවය හැටියටයි මම දකින්නේ. මම ඉතාම කණගාටු වෙනවා සභාවක හැසිරෙන විදිහ ගැන ඔබතුමාලා හිතන්න ඕනේ.

ලංකාව ලෝකයේ ජෛව විවිධත්වය අතින් ඉහළින්ම තියෙන රටක් අද සියළු පරිසරවේදින් පවසා සිටිනවා මේ විවිධත්වය තමයි අනාගතයේදී රටක තිරසාරත්වය තීරණය කරන්නේ. ලංකාව ජෛව විවිධත්වය අතින් ඉහළින්ම සිටීම අපේ රට ලැබූ වාසනාවක්. ඒ වගේම මිනිසුන් අතිනුත් අපි විවිධයි. ඒ වෙනස්කම සංස්කෘතිකමය වේවා, ආගමික වේවා, අපේ රටට ශක්තියක්. අපි රටක් ලෙස එකම ජාතියක් ලෙස ඉදිරියට යන්න නම් ඒ වෙනස්කම් සමග අනාගතයේ සංවර්ධනය සැලසුම් කරන්න ඕනේ යැයි”ද ආණ්ඩුකාරවරිය කීවාය.

මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය එස්.වියාලේන්ද්රන් මහතා ඇතුළු මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී වනිගසිංහ, ආණ්ඩුකාර ලේකම් එල් පී මදනායක, මඩකලපුව දිස්ත්‍රික් ලේකම්  ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

                                                                                                   

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල්

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...

බලශක්ති ඇමති කුමාර සහ අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙති

බලශක්ති ඇමති කුමාර සහ අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙති ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා...

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img