Tuesday, October 27, 2026
HomeNEWSLatest Newsරාමඤ්ඤ මහනිකායේ මහනායක අග්‍ගමහාපණ්ඩිත, අතිගෞරවාර්හ නාපාන පේමසිරි මහා ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහයට...

රාමඤ්ඤ මහනිකායේ මහනායක අග්‍ගමහාපණ්ඩිත, අතිගෞරවාර්හ නාපාන පේමසිරි මහා ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහයට අග්‍රාමාත්‍යතුමා අවසන් ගෞරව දක්වයි

රාමඤ්ඤ මහනිකායේ මහනායක අග්‍ගමහාපණ්ඩිත, අතිගෞරවාර්හ නාපාන පේමසිරි මහා ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහයට අග්‍රාමාත්‍යතුමා අවසන් ගෞරව දක්වයි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහනායක අග්‍ගමහාපණ්ඩිත, අතිගෞරවාර්හ නාපාන පේමසිරි මහා ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති හුරීකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් මූල මහා විහාරයට අද 2020.11.22 දින පෙරවරුවේ පැමිණි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා උන්වහන්සේට අවසන් ගෞරව දැක්වූයේය.

මහනුවර, හුරීකඩුව ශ්‍රී  විද්‍යාසාගර මහා පිරිවෙනේ අධ්‍යක්ෂ හා විහාරාධිපති, ශාසනසෝභන,                  ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය, සිරි සීලවංශ වංශාලංකාරධර, ත්‍රිපිටකවාගීශ්වර රාජගුරු, ත්‍රිපිටක චක්‍රවර්ති, පරියත්ති විශාරද,  ශාසනකීර්ති ශ්‍රී, රාජකීය පණ්ඩිත, විනයාචාර්ය, විනයවිශාරද, අග්‍ගමහාපණ්ඩිත වැනි ශාසනික නාමෝපාධි වලින් පිදුම් ලද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහනායක ධුරන්ධර, අතිගෞරවාර්හ නාපාන පේමසිරි මහනායක මහා ස්වාමින්වහන්සේ බුද්ධ ශාසනයට කළ මෙහෙවර අනගිභවනීය බව අග්‍රාමාත්‍යතුමා මෙහිදී මහා සංඝරත්නය හමුවේ පැවසීය.

අල්පේච්ඡ නිරහංකාර ජීවිතයක් ගත කරමින් ශාසනයේ දියුණුව සඳහා ඇප කැප වී කටයුතු කළ, අපවත් වී වදාළ අතිගෞරවාර්හ නාපාන පේමසිරි මහා ස්වාමීන්ද්‍රයක් වහන්සේට උතුම් නිවන් සුව අත්වේවා! යි ප්‍රාර්ථනා කරමින්, සංවේගයට පත් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේඅභිනව මහනායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ මහා සංඝරත්නයට මෙම අවස්ථාවේදී අග්‍රාමාත්‍යතුමා ශෝකය පළ කළේය. 

සම්බුද්ධ ශාසනයට පහළ වූ උතුම් බුද්ධ පුත්‍රයකු වූ උන්වහන්සේට අමාමහ නිවන් සුව අත්වේවායි! ප්‍රාර්ථනා කරමින් අග්‍රාමාත්‍යතුමා මෙහිදී සිය ශෝක පණිවුඩය ද ලියා තැබුවේය. 

මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අභිනව මහනායක මාහිමි ධූරයට පත් වූ මහා විහාර වංශික, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ චතුත්දස මහනායක, මීරිගම මිනිඔලූව විද්‍යාවාස මහා පිරිවෙන් විහාරාධිපති, අග්ගමහාපණ්ඩිත, අතිපූජ්‍ය මකුලෑවේ විමල මහනායක  ස්වාමීන්වහන්සේ බැහැ දැක උන්වහන්සේට සුබ පැතුම් එක් කරමින් ආශිර්වාද ලබා ගත්තේය. 

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ලොහාන් රත්වත්තේ, උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර සරත් ඒකනායක, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img