Thursday, July 23, 2026
HomeNEWSLatest Newsවැලිකන්දේ දී බස්රථ අනතුරක් - එක් බසයක කොවිඩ් රෝගීන්

වැලිකන්දේ දී බස්රථ අනතුරක් – එක් බසයක කොවිඩ් රෝගීන්

වැලිකන්දේ දී බස්රථ අනතුරක් – එක් බසයක කොවිඩ් රෝගීන්

කොවිඩ් -19 වෛරසය ආසාදිත රෝගීන් ප්‍රවාහනය කරමින් තිබූ යුද හමුදාවට අයත් බස් රථයක් සහ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් අද (04) උදෑසන 6.15 ට පමණ වැලිකන්ද ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටී තිබේ.

මඩකලපුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද, අසේලපුර 104වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී එම අනතුර සිදුව තිබේ.

සිද්ධියෙන් බස් රථ දෙකෙහි රියදුරන් බරපතළ තුවාල ලබා ඇත.

යුද හමුදා බස් රථය කොළඹ, හොරණ ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයින් රැගෙන වැලිකන්ද පුනානි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යමින් තිබියදී අනතුර සිදුවී ඇත.

අනතුරින් යුද හමුදා බස් රථයේ සිටි කොවිඩ් රෝගීන්ට හෝ පෞද්ගලික බස් රථයේ සිටි මගීන්ට තුවාල සිදු වී නොමැති බව වාර්තා වෙයි. 

අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලීසිය පවසන්නේ කොවිඩ් රෝගීන් ප්‍රවාහනය කළ බස් රථයේ රියදුරුට නින්දයෑම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇමති විජිත හා ඇමෙරිකානු රාජ්‍ය ලේකම් අතර හමුවක්

මැනිලා නුවර පැවැති 33 වන ආසියානු කලාපීය සංසදයේ (ARF) අතුරු සම්මේලනය අතරතුර, ජූලි 26 වන දින විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඇමරිකානු රාජ්‍ය...

ලෝක තෙල් මිල අදත් (23) ඉහළට

ලෝක තෙල් මිල අදත් (23) ඉහළ යාමක් පෙන්නුම් කළ අතර, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇ:ඩො:98 ඉක්මවයි. WTI බොරතෙල් ඇ:ඩො:90 සීමාව පසු කරයි.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවත් ඉහළට

ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඇ:ඩො: 3 කින් පමණ ඉහළ ගොස් ඩොලර් 95 ක මට්ටමට ලඟා වෙයි: විදෙස් මාධ්‍ය.

ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ කිසියම් නෞකාවකට පහර දුනහොත්, ඉරානයේ පාලම් හෝ බලාගාර බෝම්බ දමා විනාශ කරන බව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි: විදෙස් මාධ්‍ය.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img