Tuesday, August 11, 2026
HomeNEWSනාවික හමුදාවේ 70 වන සංවත්සරය

නාවික හමුදාවේ 70 වන සංවත්සරය

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය වෙනුවෙන් නාවික හමුදා සාමාජිකයින් 1700 කට වැඩි පිරිසක් ඉහළ නිලයට උසස් කර තිබේ.

මෙම උසස් වීම් ලද නාවික හමුදා සාමාජිකයින් අතරට නිලධාරීන 66 දෙනෙකු ද අයත් වන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේය.

ඒ අනුව උසස් වීම් ලද සමස්ත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 1795ක් වේ.

“සිලෝන් රෝයල් නේවි“ නමින් 1950 වසරේ දෙසැම්බර් මස 9 වන දා ශ්‍රී ලංකා නාවික හමුදාව මෙරට පිහිටුවනු ලැබීය.

30 වසරක් පුරා පැවති යුද්ධයේදී නාවික හමුදාව සයුර ආරක්ෂා කර ගැනීම සඳහාත්, සයුරින් මෙරටට එල්ල වන තර්ජන මැඩ පැවැත්වීම සඳහාත් විශාල කාර්යභාරයක් ඉටුකරනු ලැබු නාවික හමුදාව, මේ වන විට ගොඩබිම රාජකාරී කටයුතු සඳහා ද සක්‍රීය දායකත්වයක් සපයනු ලබයි.

නාවික හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව අද (09) සිට ලබන 13 වනදා දක්වා ගාලු මුවදොර පිටිය ඉදිරිපිට මුහුදු තීරයේදී නෞකා දැක්මක් පැවැත්වීමට පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම තරයේ හෙළා දකිමු-දිනන දකුණ

දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම සඳහා රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම තරයේ හෙළා දකිමු! මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී...

ජනපති හා නීතිඥ සංගමය අතර සාකච්ඡාව හෙට(12)

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහාවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහාවන තීරණය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL)...

ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනට ප්‍රකට හොලිවුඩ් නිළියකගෙන් ප්‍රශංසා

"ශ්‍රී ලංකාවේ බිම්බොම්බ ඉවත් කිරීමේ වැඩසටහන අතිසාර්ථකයි."සම්මානනීය හොලිවුඩ් නිළි රෝසමන්ඩ් පයික්. ලෝකප්‍රකට හොලිවුඩ් රංගන ශිල්පිනී සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ ජාත්‍යන්තර තානාපතිනි රෝසමන්ඩ් පයික් (Rosamund Pike)...

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් 22ක පරාජය කිරීමට දිවි හිමියෙන් කටයුතු කරනවා- ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින් (10) පෙරවරුවේ කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img