Monday, August 10, 2026
HomeNEWSකෝප් කමිටුවේදී හෙළිවූ ICTA අසාර්ථක ව්‍යාපෘති

කෝප් කමිටුවේදී හෙළිවූ ICTA අසාර්ථක ව්‍යාපෘති

සීමාසහිත ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) ආරම්භ කර තිබූ ˝ඉ- විශ්‍රාමවැටුප්˝ නම් ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 278.54 ක් වියදම්කර තිබුණ ද මෙය සම්පූර්ණ අසාර්ථක ව්‍යාපෘතියක් බව කොප් කමිටුවේදී අනාවරණය වී තිබේ.

රජය ලබාදුන් මුදල් යොදාගනිමින් ICTA ආයතනයට එම ව්‍යාපෘතිය සඳහා වන දෘඩාංග සහ මෘදුකාංග නිර්මාණය කිරීමේ වගකීම පවරණු ලැබුවේ පළමුව බස්නාහිර පළාත් සභාව ආවරණය වන පරිදිය.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ත්‍රිවිධ හමුදාව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ආවරණය වන පරිදි අන්තර්ජාලය ඔස්සේ විශ්‍රාමවැටුප ලබා දීමට සැලසුම් කෙරිණි. 

නමුත් මෘදුකාංග සහ දෘඩාංග ගැටලුවක් හේතුවෙන් මෙම ව්‍යාපෘතිය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක නොකොට 2013 නොවැම්බර් 01 දින සිට අතහැර දමා තිබේ.

මේ නිසා රුපියල් මිලියන 278.54 ක් ප්‍රයෝජන රහිතව යොදවා ඇති බවත් තවත් මෙවැනි අසාර්ථක ව්‍යාපෘති ගණනාවක් සඳහා එම ආයතනය නිකරුණේ මුදල් යොදවා ඇති බවත් කෝප් කමිටුවේදී ඊයේ (08) හෙළිවිය.

එමෙන්ම මුළු දිවයිනටම අන්තර්ජාල පහසුකම් ලබාදීමේ අරමුණින් ආරම්භ කළ “ගූගල් ලූන්” ව්‍යාපෘතිය සඳහා උපකරණ රේගුවෙන් නිදහස් කර ගැනීමට රු. 1,851,322ක්  හා ව්‍යාපෘතියේ ප්‍රවර්ධනය සඳහා රු. 6,427,941 ක් ( මිලියන 6.4ක් ) වැයකර තිබූණී.

නමුත් එයද අසාර්ථක ව්‍යාපෘතියක් බව කෝප් කමිටුවේ දී අනාවරණය විය.  

රාජ්‍ය ආයතන ජාලයක් ලෙස සම්බන්ධ කරමින් කාර්යක්ෂමව සේවාවන් ස්ථාපනය කිරීම සඳහා ICTA ආයතනය 2016 වර්ෂයේදී ආරම්භ කළ ˝ලංකා රාජ්‍ය  ජාලය˝ නම් ව්‍යාපෘතිය සඳහා 2016 වර්ෂයේ රුපියල් මිලියන 850.47 ක් අනුමත වී තිබුණ බවත් ඉන් රුපියල් මිලියන 148.33ක් වියදම්කර තිබූ බවත් කෝප් කමිටුවේදී හෙළිවිය. 

නමුත් එම ව්‍යාපෘතියේ ප්‍රගතිය 17% බව කමිටුවේදී අනාවරණය විය.

ජාතික බුද්ධිමය දේපල කාර්යාලය මගින් ˝ඉ-නිපො˝ නමින් ආරම්භ කළ ව්‍යාපෘතියේ ප්‍රසම්පාදනය සඳහා 2016 වර්ෂයේ දී රු. මිලියන 32.5 ක් ලබා ගෙන තිබු බව කමිටුවේ දී අනාවරණය වූ අතර එය ICTA ආයතනයේ සේවක වැටුප් ගෙවීමට යොදා ඇති බව මෙහිදී නිලධාරීන් විසින් හෙළිකරන ලදි. 

එබැවින් මූල්‍යමය කටයුතු සම්බන්ධයෙන් විධිමත් ක්රදමවේදයක් සකස් කිරීමේ අවශ්ය්තාවය කෝප් කමිටු සභාපතිවරයා විසින් පෙන්වාදුනි. 

එසේම ˝ඉ-පළාත් පාලන ආයතන˝ නමින් ආරම්භ කර තිබු ව්‍යාපෘතිය අසාර්ථක වී තිබුණ ද නැවත 2016දී එය නැවත ආරම්භ කර තිබුණි. 

2017 දෙසැම්බර් 31 දින වන විට ව්‍යාපෘතිය සඳහා රු. මිලියන 39ක් වැයකර තිබුණ ද ඉන්පසු කාර්යසාධන වාර්තාවල එය ඇතුලත් කර නොතිබුණු බව කමිටුවේදී  අනාවරණය වූ අතර මේ පිළිබඳව කෝප් කමිටුවේ දැඩි අප්‍රසාදය පළවිය.

තවද 2003 වසරේ සිට ICTA ආයතනය සංයුක්ත සැලැස්මක් සකස්කර නොතිබූ බවත් 2017 වර්ෂයේ රු. 2,737,000ක වියදමින් සකස් කළ සංයුක්ත සැලැස්ම ක්‍රියාත්මක කර නොතිබූ  බවත්  කෝප් සභාපතිවරයා පැවසීය.  

එම නිසා 2003 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා හැකි ඉක්මනින් මේ සියලු කාරණා සම්බන්ධයෙන් වාර්ථාවක් ලබා දෙන ලෙස කෝප් කමිටුව විසින් නිර්දේශ කරන ලදි.

එසේම ICTA ආයතනයේ ඉහළ තනතුරු සඳහා කොන්ත්‍රාත් පදනම මත නිලධාරීන් බඳවාගැනීම පිළිබඳව කෝප් කමිටුවේ අප්‍රසාදය පළවිය. එබැවින් ස්ථාවර පදනම යටතේ මූලික තනතුරු කිහිපයක් ඇතිකිරීමේ අවශ්‍යතාවය කෝප් කමිටුව පෙන්වාදුන් අතර නිවැරදි නිලධාරීධූරාවලියක් ICTA  ආයතනය තුළ ඇතිකිරීමේ අවශ්‍යතාවය කමිටුව විසින් පෙන්වා දෙන ලදි.

මේ දක්වා සිටි නිලධාරීන් හරහා යම් අක්‍රමිකතාවක් සිදුවී ඇත්නම් වහාම ඔවුන්ට එරෙහිව  නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස ද  කෝප් සභාපතිවරයා  මෙහිදී නිර්දේශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට අදාළව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත කැඳවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට ගැනේ.-පොලිසිය

හෝමුස් විවෘත කිරීමට ඉරානයෙන් ඇමෙරිකාවට කොන්දේසි

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නව නාවික ගමන් මාර්ග තීරණය කිරීම සඳහා ඕමානය සමඟ අවසාන ගිවිසුමකට එළැඹීමට තමා සූදානම් බව ඉරානය පවසයි. කෙසේ වෙතත්, මෙම මුහුදු...

පැයකට පෙර විභාග මධ්‍යස්ථානවලට එන්න… උසස් පෙළ සිසුන්ට දැනුම් දීමක්

2026 - අ.පො.ස. උසස් පෙළ විභාගය අද (10) පෙ.ව 8.30 ට විභාග මධ්‍යස්ථාන 2,532 කදී ආරම්භ වේ. සියලුම සිසුන් වලංගු හැඳුනුම්පතක් සමඟ පැයකට පෙර...

ඒකාධිපති ආඥාදායක පාලනයක් රටේ ස්ථාපිත වෙනවා – විපක්ෂ නායක සජිත්

‘පොහොසත් රටක් ලස්සන ජිවිතයක්’කෙසේ වෙතත් ඒකාධිපති ආඥාදායක පාලනයක් නම් රටේ ස්ථාපිත වෙනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට අප රටේ බරපතල ව්‍යාකූලත්වයක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img