ඉදිරි දිනවල සංචරණ සීමා පැනවෙයි ද?
දෙසැම්බර් මස අවසන් සතියේ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමක් හෝ හුදකලා කිරීමක් සිදුකිරීමට මේ වන විට පවතින තත්ත්වය මත කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද (12) උදෑසන “දෙරණ අරුණ“ සමග එක්වෙමින් යුදහමුදාපතිවරයා එම අදහස් පළ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදාපතිවරයා,
“අද 12 වෙනි දා. 22 කියන්නේ දින 10ක් තියෙනවා. දිනයක් දෙකක් ඇතුළත කුමන ආකාරයකින් කොවිඩ්වල හමුවන සංඛ්‍යාවන් වෙනස් වෙනවා. අපි කොළඹ නගරසභා සීමාව යම් ආකාරයක පාලනයකට අරන් තියෙනවා. පීසීආර් හා ඇන්ටිජන් පරීක්ෂණ කරලා. කෙසේවෙතත් දැනට තිබෙන තත්ත්වය අනුව කිසිසේත් මේ ආකාරයෙන් හුදකලා කිරීමකට හෝ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට බලාපොරොත්තුවක් නෑ. කිසිසේත්ම. නමුත් ජනතාව කොටස් දෙකකින් අපිට කථා කරනවා. එක් පිරිසක් වහලා දාන්න මේ අය හරියට හැසිරෙන්නේ නැති වෙයි කියලා කතා කරනවා. තවත් පිරිසක් මේකාලේ තමයි යම්කිසි දෙයක් හම්බ කරගන්න තියෙන්නේ කියනවා. කෙසේවෙතත් ජනතාව පැත්තෙන් සුබවාදීව බලන්න ඕනේ.“






















