Tuesday, August 4, 2026
HomeNEWSLatest Newsතැන වෙනස් නොවෙන අමාත්‍යාංශය

තැන වෙනස් නොවෙන අමාත්‍යාංශය

තැන වෙනස් නොවෙන අමාත්‍යාංශය

අධිකරණ අමාත්‍යාංශය දැනට පවතින ගොඩනැගිල්ලේම පවත්වාගෙන යාමට තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය පුළුල් කිරීමේ කටයුතු සඳහා වෙනත් විකල්ප සුදුසු ස්ථානයක් ඇති කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා කටයුතු සම්පාදනය කරමින් සිටින බව නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ අමාත්‍යාංශය පෙන්වාදෙයි.

මේ වන විට දිවයින පුරා අධිකරණවල ලක්ෂ 8 කට ආසන්න නඩු ප්‍රමාණයක් ගොඩගැසී ඇති අතර ඊට විසඳුම ඉදිරි වසර 5 තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

ඒ සඳහා අධිකරණ සංඛ්‍යාව වර්ධනය කිරීම, අධිකරණවල විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව වැඩිකිරීම ඇතුළු කඩිනම් හා කාර්යක්ෂම වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවමින් සිටින අතර ඊට අදාළ අනුකමිටු ද මේ වන විටත් පත්කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ කටයුතු පුළුල් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට අධිකරණ අමාත්‍යාංශය දැනට පවතින ගොඩනැගිල්ලෙන් ඉවත්කර වසර දෙකක කාලයක් සඳහා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ස්ථාපිත කිරීමට අරමුණු කළ ද ඒ සඳහා අනවශ්‍ය කරුණු උලුප්පා දක්වමින් විවිධ අර්ථකථන ලබාදීමට ඇතැම් පුද්ගලයින් උත්සාහ දැරූ බව අධිකරණ අමාත්‍යාංශය පෙන්වාදෙයි.

අනවශ්‍ය කරුණු කාරණා මතු කරමින් ගෙනයනු ලබන ව්‍යාජ වැඩපිළිවෙලවල් සහ කටකතා කණගාටුවෙන් යුතුව හෙළා දැකිය යුතු අතර සාකච්ඡා වට කිහිපයකින් පසුව අධිකරණ අමාත්‍යාංශය දැනට පවතින ගොඩනැගිල්ලේම පවත්වාගෙන යාමට තීරණය කළ බව අධිකරණ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෙරහැරවලින් අලින් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්- එජාප සභාපති වජිර

කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (04) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පළ කල අදහස්. විබෞද්ධකරණයට එරෙහිව...

මහර සිදුවීමේ අවශ්‍යතාවය බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි- අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

මහර බන්ධනාගාර සිද්ධිය කළ අයගේ අවශ්‍යතාවය වී තිබුණේ බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි. එවැනි සංවිධානාත්මක කුමන්ත්‍රණකාරින්ට විරුද්ධව පියවර ගන්න පැකිලෙන්නේ නැහැ. ...

නඩු කඩිනම් කිරීමට තේරීම් කාරක සභාවක් ඉල්ලීමේ යෝජනාව කතානායක වෙතට

ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීමට සමගි ජන බලගයෙන් තේරීම් කාරක සභාවක් ඉල්ල කතානායකවරයාට යෝජනාවක් බාර දෙයි ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට...

නැගෙනහිර මුහුදු තීරය දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

​නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ​ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img