Monday, August 3, 2026
HomeNEWSපොලිස් ස්ථානමාරු ජනවාරි 1 සිට ක්‍රියාත්මක

පොලිස් ස්ථානමාරු ජනවාරි 1 සිට ක්‍රියාත්මක

පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් ලබන ජනවාරි 1 වන දා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සිටින පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් මාර්තු මස 15 වන දින තෙක් ක්‍රියාත්මක වීම අත්හිටුවා ඇති බවය.

මේ පිළිබඳ අදහස් දක්වන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා,

“විශේෂයෙන්ම අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් සිටින පොලිස් නිලධාරීන්ට එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හා අනෙකුත් කරුණු ගැන සොයාබැලීම සඳහා මේ සහන කාලය ලබා දී තිබෙනවා. ඒ අනුව ජනවාරි 15 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබු අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සිටින පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් මාර්තු 15 වන දින එනම් විභාගය අවසන් වීමෙන් පසුව ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම නුසුදුසු බව පවසමින් මහානාහිමිවරුන් ජනපතිට ලිපියක් යවා තිබෙනවා – නීතිඥ සංගමයේ සභාපති

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බව දන්වමින් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇතැයි මල්වතු පාර්ශ්වයේ මහානාහිමියන් තමන්ට පැවසූ...

මාස 14ක් තිස්සේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙක් ස්ථීර ලෙස පත් කරලා නැහැ- ඒකාබද්ධ විපක්ෂයෙන් චෝදනා

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (03) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් අපේ රටේ බන්ධනාගාර පද්ධතිය...

යෝෂිතට සහ හිටපු නාවික හමුදාපතිට අධි චෝදනා

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරයි.

හිරගෙදරක්වත් පාලනය කළ නොහැකි රජය රට පාලනය කරන්නේ කෙසේද ? විපක්ෂ නායක සජිත් ප්‍රශ්න කරයි

හිරගෙදරක්වත් පාලනය කළ නොහැකි මේ රජය රට පාලනය කරන්නේ කෙසේද ? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි වත්මන් රජයට හිරගෙදරක්වත් පාලනය කර ගන්න නොහැකි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img