ආසාදිතයින් 489කට සුවයි
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් නයින්ටින් ආසාදිතයින් 489 දෙනෙකු සුවය ලබා තිබේ.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 23,793 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 8,193 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
කොරෝනා රෝගීන් බවට සැකකෙරෙන 444 දෙනෙකු ද වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.
මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 32,135 කි.






















