Wednesday, July 29, 2026
HomeNEWSසම්පත් අතින් අනූන පළාතක ජිවත් වන ජනතාවට එම සම්පත් වලින් ප්‍රයෝජනය ගැනිමට...

සම්පත් අතින් අනූන පළාතක ජිවත් වන ජනතාවට එම සම්පත් වලින් ප්‍රයෝජනය ගැනිමට හැකියාවක් ලැබී නොමැති බව නැගෙනහිර පළාත් ආණඩුකාර අණුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

සම්පත් අතින් අනූන පළාතක ජිවත් වන ජනතාවට එම සම්පත් වලින් ප්‍රයෝජනය ගැනිමට හැකියාවක් ලැබී නොමැති බව නැගෙනහිර පළාත් ආණඩුකාර අණුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම තුලින් පළාතේ ඇති සියළු සම්පත් වල ප්‍රයෝජනය ගැනීමට හැකි බවද ආණ්ඩුකාරවරිය කීවාය.

එය යථාර්ථයක් කිරිම සදහා සියළු දෙනාම කැපවී කටයුතු කළ යුතු බවද ආණ්ඩුකාරවරිය පැවසුවාය.

සෞභාග්‍යයේ දැක්ම යටතේ නැගෙනහිර පළාත තුළ ක්‍රියාකාරි තිරිසාර සැලැස්මක් සැකසීමේ ප්‍රධාන උත්සවයට මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි අද පෙරවරුවේ එක් වෙමින් ඇය මේ බව කියා සිටියාය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය මෙසේද කියා සිටියාය.

අද ඉතාම සුවිශේෂි දවසක්. අපේ පළාතට එන්න කියලා අපි ආරාධනා කළා. සෞභාග්‍යයේ දැක්ම වෙනුවෙන් කැප වෙලා වැඩ කරපු ප්‍රවීනයන් පිරිසකට. මමත් ඒ කාලේ ඒ කණ්ඩායමත් සමග වැඩ කළා. වියත්මග සංවිධානය සහ තවත් සංවිධාන සමග. ඉතින් අපි හිතුවා අපේ රට සංවර්ධිත රටක් කරා යාමට නම් අපේ ඉලක්ක නිවැරදිව හදුනා ගත යුතුයි. අපි සෞභාග්‍යයේ දැක්ම බලාපොරොත්තු වුනේ රට තුළ සැබැ වෙනසක් ඇති කරන්න.

අපි දන්නවා අපේ රජය යුද්ධයක් තිබුනු අවස්ථාවක බලයට පත් වෙච්ච වෙලාවේ යුද්ධය ඉවර කරලා දෙන්න පොරොන්දු වුණා. කිවුවා වගේම ඔවුන් ඒ යුද්ධය ඉවර කරලා දුන්නා. පාරවල් හදලා උතුරු නැගෙනහිර පළාත් වල සංවර්ධනයකට මුල පිරුවා. අවුරුදු කීපයක් යහපාලන ආණ්ඩුව ඒ සියල්ල ආපස්සට හැරෙවුවා. දැන් සෞභාග්‍යයේ දැක්මෙන් සංවර්ධිත රටක් කරා රැගෙන යාම තමයි සිදු කරන්න තියෙන්නේ. ජනාධිපතිතුමා ඇතුළු රජය ඉතාම කාර්යශිලි ලෙස මේ පියවරවල් ඉස්සරහට ගෙන යයි.

ඒ නිසා මම හිතනවා. අපි අද මෙතන රැස්වෙලා ඉන්නේ අපේ පළාතේ සියළුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්. එතුමන්ලා තමයි අපේ පළාත වෙනුවෙන් තීන්දු තිරණ ගන්නේ. ඉතින් ඒ තින්දු තීරණ ගැනීමේදි අපි එකමුතුව එක ඉලක්කයක් කරා යා යුතුයි. අපි ඉතාමත්ම වාසනාවන්ත රටක උපත ලැබුවා. ඒ වාසනාවන්ත රට තවදුරටත් දියුණු කරන්න අපට බැරිනම් රාජ්‍ය ආයතන ප්‍රධානීන් විදිහට අපි අසාර්ථක වෙනවා.

අපේ පළාතෙන් තමයි රටට සියයට 25 ක් වී නිෂ්පාදනය දායද කරන්නේ. රටේ ධිවර නිෂ්පාදන වලින්  සීයයට 25 ක් පමණ දායාද  කරන්නේ අපේ පළාතෙන්. ඒ විතරක් නෙවෙයි.  කිරි නිෂ්පාදනයත් එහෙමයි. කණගාටුවට කරුණ එච්චර සම්පත් තිබිලත් අපි ලංකාවේ දුප්පත්ම පළාත් වලින් එකක් වීම. විශේෂයෙන්ම මඩකලපුව ලංකාවේ දුප්පත්ම දිස්ත්‍රික්කයක්. ඒ කියන්නේ අපට මේ තරම් වටිනා සම්පත් තිබිලත් අපිට ඒ සම්පත් වල ප්‍රයෝජනය අපේ ජනතාවට ලබා දෙන්න හැකියාවක් තිබිලා නෑ. ඉතින් අපි එකමුතුව මේ සම්පත් වල නියම ප්‍රයෝජනය ජනතාවට ලබා දෙන්න කටුයුතු කරමු.

ඉතින් මගේ අරමුණ කවදා හරි ලෝකයේ ඉතිහාසය ගැන කථා කරද්දි අපේ රටේ නැගෙනහිර පළාත පෙන්වල කියයි  ඔවුන්ගේ දරුවන්ට රටක් දියුණු විය යුත්තේ කොහොමද කියලා. අපි ඒ ඉලක්කයට යා යුතුයි යැයිද ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් කීවාය.

මේ අවස්ථාවට සම්පත් දායකයින් ලෙස මහාචාර්ය ප්‍රවීන් අබේරත්න, මහාචාර්ය ලලිත සිරි ගුණරුවන්, පරිසර අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශණි ලහදපුර, ජ්‍යෙෂ්ථ කථිකාචාර්ය සම්පත් වාහල, හිටපු රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර, ඉංජිනේරු රවීද සිල්වා, අර්ජුන පෙරේරා, මාධව බොතේජු, අනුෂ්ක කුමාර,  පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී වනිගසිංහ, ආණ්ඩුකාර ලේකම් එල්.පී මදනායක, සියළු පළාත් අමාත්‍යාංශ ලේකම් වරුන්, අධ්‍යක්ෂකවරුන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටිහය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජපානයේ ප්‍රභල භූ කම්පනයක්..පිරිසක් සිරවෙති

නිරතදිග ජපානයේ හටගත් ප්‍රභල භූ කම්පනයකින් ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී ඇති අතර කඩා වැටුනු සාප්පු සංකීර්ණයක කොටසක පිරිසක් සිරවී සිටින බවට වාර්තා වේ. භූ කම්පනයෙන්...

ඇමති විජිත පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණයක

අමාත්‍ය විජිත හේරත් පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණය කරයි.Tagoloan නගරාධිපතිනියගෙන් ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විශේෂ ස්තූතියක්​පිලිපීනයේ 'PHIVIDEC කාර්මික භූමිය' (PHIVIDEC Industrial Estate) හි ස්ථාපිත...

චමින්ද විජේසිරි රටක් වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී නොබියව හඬක් නැගුවා-විපක්ෂ නායක සජිත්

චමින්ද විජේසිරි මහතා සම්බන්ධයෙන් ඉදිරි නීති ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නඩු තීන්දුවෙන් පසුව පැවසීය.එම නඩු තීන්දුවෙන් පසු බදුල්ල මහාධිකරණයෙන් පිටතට...

ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ ග්‍රහණයට නතුකර ගැනීමට කටයුතු කරන බවට ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (28) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් ඒ කාලයේ පවා බ්‍රිතාන්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img