Sunday, September 13, 2026
HomeNEWSරුපියල් කෝටි 6ක් සමග අත්අඩංගුවට ගත් කාන්තාව සොත්ති උපාලිගේ දියණියක්

රුපියල් කෝටි 6ක් සමග අත්අඩංගුවට ගත් කාන්තාව සොත්ති උපාලිගේ දියණියක්

රුපියල් 59,000,000ක මුදලක් සහ හෙරොයින් සමග අත්අඩංගුවටගත් සැකකරුවන් අතර සිටි කාන්තාව මීට පෙර අපරාධ රැසකට සම්බන්ධ දැනට මියගොස් සිටින සොත්ති උපාලි නැමැත්තාගේ දියණිය බවට තහවුරු වී තිබේ.

අද (20) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසීය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“වැටලීමේ දී මුලින්ම අත්අඩංගුවට ගත් කාන්තාව ලංකාවේ මීට පෙර අපරාධ රැසකට සම්බන්ධ වෙලා හිටපු, දැනට මියගොස් සිටින සොත්ති උපාලිගේ දියණිය බවට අනාවරණය වෙලා තියෙනවා. ඒ වගේම කෝටි 6කට ආසන්න එම මුදල සමග මේ ජාවාරම මෙහෙයවනු ලබන්නේ වැලිගම ප්‍රදේශයේ පදිංචිව සිටි දැනට ඩුබායි රාජ්‍යයේ සිටින බවට විශ්වාස කරන පුද්ගලයෙකු බවට විශ්වාස කරනවා. ජනවාරි 1 වන දා සිට මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍යවල මුළු ප්‍රමාණය කිලෝග්‍රෑම් 1605ක් පමණ වෙනවා.“

මහා පරිමාණ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ ලද තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ (19) පස්වරුවේ විශේෂ වැටලීමක් සිදුකර තිබේ.

එහිදී පළමුව අත්අඩංගුවට ගෙන ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ 38 හැවිරිදි කාන්තාවකි.

ඇයගෙන් හෙළිකරගත් තොරතුරු අනුව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනෙන්නේ උතුරු තලංගම සහ කඩුවෙල හේවාගම යන ප්‍රදේශවලිනි.

ඔවුන් 27 සහ 29 යන වයස්වල පුද්ගලයන් බව පොලිසිය පවසයි.

කඩුවෙල හේවාගමදී අත්අඩංගුවට පත් සැකකරු සතුව තිබූ රුපියල් පන් කෝටි අනූලක්ෂ පනස්එක්දහස් අටසිය විස්සක මුදලක් සොයාගන්නට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැටලීමේදී සමත්ව තිබේ.

ඒ එම සැකකරුගේ මාලඹේ පිහිටි නිවසිනි.

එම මුදල ඩුබායි රාජ්‍යයේ සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු වන “නදුන් චින්තක වික්‍රමරත්න“ හෙවත් “හරක් කටා“ට අයත් බව පොලීසිය පවසයි.

හෙරොයින් ජාවාරම්කරුවෙකු සතුව තිබියදී මෑත කාලිනව සොයාගත් විශාලම මුදල් ප්‍රමාණය එය බව පොලීසිය සඳහන් කළේය.

සැකකරුවන් සන්තකයේ තිබූ හෙරොයින් ග්‍රෑම් 310ක් ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිය භාරයට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අනතුරකට

පුද්ගලයින් 243 දෙනෙකු රැගත් ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අතුරුදන්; 140 ක් සොයා මෙහෙයුම්; 103 දෙනෙකු බේරා ගැනේ; ඉන් එක් අයෙකු මිය යයි: විදෙස්...

වංචනිකයින්ට දූෂිතයින්ට කිසිදු සමාවක් නෑ- ජනපති පොළොන්නරුවේදී අවධාරණය කරයි

ආණ්ඩුව කිසිඳු සාකච්ඡාවකට හෝ සමාවකට සූදානම් නොමැති කරුණු දෙකක් පවතින බවත්, ඉන් එකක් පාතාලය බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ,...

දකුණු සවුදි අරාබියේ ෂරූරා හමුදා කඳවුරට හූති සටන්කාමීන්ගෙන් ප්‍රහාරයක්

දකුණු සවුදි අරාබියේ ෂරූරා හමුදා කඳවුරට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරාන සහය ලබන යේමනයේ හූති සන්නද්ධ කණ්ඩායම ප්‍රකාශ කරයි: විදෙස් මාධ්‍ය.

රතු මුහුදු වෙරළ තීරය අත්පත් කරගනිමින් හවුති කැරළිකරුවන් දුබාබ් නගරයට ළඟා වෙයි

හවුති කැරළිකරුවන් පෙරිම් දූපත ඉදිරිපිට දුබාබ් නගරයට ළඟා වෙයි. ගෝලීය සමුද්‍ර වෙළඳාමෙන් 10 - 12% ක පමණ මෙහෙයුම් වන බාබ් අල්-මන්ඩාබ් සමුද්‍ර සන්ධිය දෙපසත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img