Tuesday, September 15, 2026
HomeNEWSකුඩා දරුවන් විකිණීමේ ජාවාරමක් හෙළි වේ

කුඩා දරුවන් විකිණීමේ ජාවාරමක් හෙළි වේ

ගැබිනි මව්වරුන් යම්කිසි ගිවිසුමකට ඇතුළත් කර ඔවුන්ගේ දරුවන් මුදලට විකිණීමේ ජාවාරමක් පොලීසිය විසින් අනාවරණය කර ගෙන තිබේ.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් සිදුකරනු ලැබු දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එම ජාවාරම මෙහෙයවු 47 හැවිරිදි පුද්ගලයා ඊයේ (21) රාත්‍රියේ මාතලේ, උකුවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අන්තර්ජාලය හරහා වෙළෙඳ දැන්වීමක් ලෙස සකස් කරන ලද වීඩියෝවක් මගින් සැකකරු එම ජාවාරම මොරටුව ප්‍රදේශයේ ස්ථාන දෙකක දී පවත්වා ගෙන ගොස් තිබේ.

විවිධ අතවරයන්ට පත්වු කිසිදු පිළිසරණක් නොමැති කාන්තාවන් සැකකරු විසින් අදාළ ස්ථානයන්ට ගෙන්වා, ගිවිසුම්වලට අත්සන් කර දරුවන් ලැබීමෙන් පසු එම දරුවන් තුන්වන පාර්ශවයකට විකුණා ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

විදෙස් රටවල “බේබි ෆාම්“ යනුවෙන් මෙවැනි කුඩා දරුවන් විකිණීමේ ජාවාරම් හඳුන්වන බව ද සඳහන් කර සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, පොලිස් හා කාන්තා කාර්යාංශයේ විමර්ශනවලින් අනතුරුව මෙයට සම්බන්ධ ගැබිනි කාන්තාවන් 12 දෙනෙක් සොයා ගත් බව ද පැවසීය.

එයින් 5 දෙනෙකුගේ දරුවන් ඒ වන විටත් තුන්වන පාර්ශවකට ලබා දී අතර, තවත් දරුවන් තිදෙනෙක් සමග මව්වරු සිට ඇති බවත්, තවත් ගැබිනි මව්වරුන් 12 සැකකරුගේ ආරක්ෂාව යටතේ සිට ඇති බවත් පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, එවැනි කුඩා දරුවන් 30 දෙනෙකු පමණ මේ වන විට විකුණා ඇතැයි අනාවරණය වී ඇති බවය.

සැකකරු අද(22) දින මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉන්දියානු ගිවිසුම් හෙළි කරන ලෙස ඉල්ලමින් ජන අරගල ව්‍යාපාරය මහපාරට

" සෝදිසි රාජ්‍යයට පාර කපන, ඉන්දියාවට දත්ත පුදන, ජෛවමිතික දත්ත හැදුනුම්පතට එරෙහි වෙමු ! ඉන්දියානු හොර ගිවිසුම් 07 හෙළි කරනු ! " යන සඨන් පාඨ මූලික...

ප්‍රවාහන ක්ෂේත්‍රයේ Al බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව කොළඹදී

ප්‍රවාහන ක්ෂේත්‍රයේ Al බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) කොළඹ දී පැවැත්විය.... ජාත්‍යන්තර...

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නොතිසි

රෝහල් ගතව සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සම්බන්ධ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන 22 වනදා අධිකරණය හමුවේ පෙනී...

දිස්ත්‍රික්ක 21 කට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු ඇතිවීමේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, උතුරු - මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකලපුව, වවුනියා සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේදී හෝ රාත්‍රි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img