Friday, September 18, 2026
HomeNEWSගාල්ලේදී මතුවූ PCR මත ගැටුම - නියෝජ්‍ය නගරාධිපති නියාස්ට විරෝධය

ගාල්ලේදී මතුවූ PCR මත ගැටුම – නියෝජ්‍ය නගරාධිපති නියාස්ට විරෝධය

ගාල්ලේදී මතුවූ PCR මත ගැටුම – නියෝජ්‍ය නගරාධිපති නියාස්ට විරෝධය

ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් සංඛේත වැඩ වර්ජනයක් ආරම්භකර තිබේ.

ගාල්ලේ දී අද (24) මාධ්‍ය හමුවක් පවත්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහතා මේ බව පැවසීය.

ගාල්ල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ෆවුසල් නියාස් මහතා විසින් PCR පරීක්ෂණ සම්බන්ධයෙන් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, වෛද්‍ය බර්ට්‍රම් ද සිල්වා මහතාට බැණ තර්ජනය කිරීමේ සිද්ධියකට විරෝධය දක්වා එම තීරණය ගත්බව වෛද්‍ය මංජුල ද සිල්වා මහතා පැවසීය.

නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට පරුෂ වචනයෙන් බැණ තර්ජනය කොට ඇති බවට ගාල්ල පොලිසියට ද පැමිණිළි කර තිබේ.

මින් ඉදිරියට ගාල්ල මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් නගරාධිපතිවරයා සමග පමණක්  රාජකාරී කටයුතුවලට සම්බන්ධ වන බවත් නියෝජ්‍ය නගරාධිපතිවරයා සම්බන්ධවන කිසිදු රැස්වීමකට සහභාගී නොවීමට තීන්දු කළ බවත් වෛද්‍ය මංජුල ද සොයිසා මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පළමු වැනි විධායක ජනාධිපති ජේ. ආර්. සැමරුම රනිල් තරුණ ප්‍රජාව සමග

පළමු වැනි විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 120 වැනි ජන්ම දින සැමරුම් උත්සවයක් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී පැවැත්විණි. උත්සව අවස්ථාව සඳහා සහභාගී වූ...

ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම වෙනුවෙන් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන රැසක් සම්මුතියකට

ශ්‍රී ලාංකේය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය, අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි අයිතිවාසිකම් රැක ගැනීම උදෙසා විපක්ෂ දේශපාලන පක්ෂ නායකයින්ගේ සහ සිවිල් බලවේගයන්ගේ ඒකාබද්ධ සම්මුතිය වෙනුවෙන් රටේ ප්‍රධාන...

සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට ප්‍රධාන අංශ 3ක් යටතේ පුළුල් වැඩපිළිවෙළක් – ජනපති

රටේ සියලු පුරවැසියන්ට නිරෝගී සම්පන්න ජීවිතයක් ලබාදීම වෙනුවෙන් ප්‍රධාන අංශ තුනක් යටතේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

ළමයින්ගේ සමාජ මාධ්‍ය භාවිතයට යුරෝපීය සංගමයෙන් අලුත් යෝජනාවක්

යුරෝපීය කොමිසමේ සභාපතිනී ඌර්සුලා ෆොන් ඩර් ලේයන් (Ursula von der Leyen) විසින් ළමයින්ගේ අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් වැදගත් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, අවුරුදු 13ට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img