Saturday, August 1, 2026
HomeNEWSසිරිපා වන්දනාකරුවන්ට පණිවුඩයක්

සිරිපා වන්දනාකරුවන්ට පණිවුඩයක්

සිරිපා වන්දනාකරුවන්ට පණිවුඩයක්

උඳුවප් පෝ දිනයෙන් ඇරඹෙන සිරි පා වන්දනා වාරය සඳහා බැතිමතුන්ට කොවිඩ් පාලන නීති රීතිවලට අනුකූලව සීමිත පහසුකම් යටතේ ඉඩසලසා ඇතැයි ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් පවසයි.

පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් හෙටින් (28) ඇරඹෙන චාරිත්‍රානුකූල පෙරහැර සහ ඉදිරි තේවා කටයුතුද සීමිත පිරිසකට පමණක් සීමා කර තිබේ.

බුදුන් වහන්සේ සිය තුන්වන ශ්‍රී ලංකා ගමනයේදී සමනොල ගිරි මුදුනෙහි තම වම් සිරි පා සලකුණ තැබූ බව ඉතිහාසයේ සඳහන් වේ.

සෑම වසරකම උඳුවප් පෝ දිනයෙන් (29)  සිරි පා වන්දනා සමය ඇරඹෙන අතර එය ඊළඟ වසරේ වෙසක් පෝ දිනය දක්වා පැවැත්වේ.

මෙවරත් සිරි පා වන්දනා සමය ලබන අඟහරුවාදා යෙදෙන උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ වන අතර දේවාභරණ රැගත් පෙරහැර චාරිත්‍රානුකූලව හෙට අලුයම ගමන් ආරම්භ කිරීමට නියමිතය.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා පවසන්නේ සිරි පා වන්දනාව සඳහා සෞඛ්‍ය පහසුකම් සලසා ඇතත් පවතින කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ජනවාරි මාසයේ සිරි පා වන්දනාවේ පැමිණීමෙන් වැළකීම වඩාත් යෝග්‍ය බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම

පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධියේ චෝදනාවලට අදාලව, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ බහුතර විනිසුරු මඩුල්ල විසින් මරණ දඬුවම නියම කරයි.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම ඇතුළු චෝදනාවලට වැරදිකරු කළ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ බහුතර විනිසුරුවරු විසින් මරණ දඬුවම නියම කරයි.

නාමල්ට උණ

පසුගිය සතියේ නාමල් එක්සත් රාජධානිය බලා පිටත් වීමට සූදානම්ව සිටියේය. ඒ ඔහුගේ ඥාතියකුගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහාය මේ සඳහා කෙසේ හො සහභාගී වන ලෙස...

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි සියලුම ජන කොටස් එකම පුද බිමකට කැඳවන මෙම ඓතිහාසික අවස්ථාව අපේ රටේ ජාතික අනන්‍යතාව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img