Sunday, August 2, 2026
HomeNEWS2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතිය ජනවාරි 5 ඇරඹේ

2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතිය ජනවාරි 5 ඇරඹේ


2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතිය ජනවාරි 5 ඇරඹේ

ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතිය ජනවාරි 05 වැනිදා සිට 08 වැනිදා දක්වා පැවැත්වීමට අද (30) පෙරවරුවේ රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කරයි.

නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ජනමාධ්‍ය නැවත පාර්ලිමේන්තු කටයුතු වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළුවීමට අවසර ලබා දීමටද තීරණය විය.

කෙසේ නමුත් කොවිඩ් -19 සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුව සකස් කළ මාර්ගෝපදේශ යටතේ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පිවිසීමට ජනමාධ්‍යවේදීන්ට අවසර ලැබෙයි.

ජනවාරි 05 වැනි අඟහරුවාදා සිට ජනවාරි 07 වැනි බ්‍රහස්පතින්දා දක්වා පෙරවරු 10 සිට පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තුව රැස් වේ.
  
ජනවාරි 08 වැනි සිකුරාදා පාර්ලිමේන්තුව රැස්වන්නේ පෙරවරු 09.30 සිට පස්වරු 04.30 දක්වාය.
 
ජනවාරි 05 වැනිදා සහ 07 වැනිදා ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල්තැබීමේ යෝජනා විවාදයට ගනු ඇත. 

සභාව කල් තැබීමේ විවාදයන් පස්වරු 4.30 සිට 5.30 දක්වා පැවැත්වේ.

එළඹෙන ජනවාරි 06 වැනිදා විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව පස්වරු 4.30ට විවාදයට ගනු ලබන අතර, ජනවාරි 08 වැනිදා පෙරවරු 10.30 සිට පස්වරු 4.30 දක්වා විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව යෝජනාව සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගනු ඇත. 

ජනවාරි 08 වැනිදා පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබේ.

ජනවාරි 05 වැනිදා සාප්පු සහ කාර්යාලීය සේවකයන් පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු සංශෝධන පනත් කෙටුම්පත් 04 ක්  විවාදයට ගැනෙන අතර, ජනවාරි 06 වැනිදා දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු සංශෝධන පන 03 ක් විවාදයට ගැනේ.
  
මෙයට අමතරව ජනවාරි 07 වැනිදා බුද්ධිමය දේපල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ ගුවන්තොටුපළ බදු ඇතුළු නියෝග 10ක් විවාදයට ගැනිමට නියමිත බවද මහ ලේකම්වරයා පැවසිය.

මේ අතර එළඹෙන ජනවාරි 06 වැනි  බදාදා පෙරවරු 10 සිට පෙරවරු 10.30 දක්වා අගමැතිවරයාගෙන් ප්‍රශ්න විමසීම සඳහා කාලය වෙන් කර තිබෙන බවද දසනායක මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුවේ නොහැකියාව මහරින් යළි පෙන්නුම් කෙරෙනවා- නාමල්

බන්ධනාගාර පද්ධතියකට තාවකාලික පැලැස්තර යෙදීම නතර කර, එම පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රජය වහා පියවර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු...

සංචාරක කර්මාන්තය නැංවීමට 2027 සිට දිස්ත්‍රික්ක වෙත සෘජු අරමුදල්-ඇමති විජිත

​සංචාරක කර්මාන්තය නැංවීමට 2027 සිට දිස්ත්‍රික්ක වෙත සෘජු අරමුදල් සහ අම්පාරට විදේශ සේවා කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලයක් - අමාත්‍ය විජිත හේරත් ​අම්පාර දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තයේ පවතින...

ආණ්ඩුවට එරෙහිව දයාසිරිගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පසුගියදා...

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කෙරේ

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි. සියලු රැඳවියන් මේ වනවිට ඔවුන්ගේ සිරමැදිරි වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img