Sunday, August 2, 2026
HomeNEWSමහර ගැටුම - විමර්ශන කමිටු වාර්තාව අමාත්‍යවරයාට භාරදෙයි

මහර ගැටුම – විමර්ශන කමිටු වාර්තාව අමාත්‍යවරයාට භාරදෙයි

මහර ගැටුම – විමර්ශන කමිටු වාර්තාව අමාත්‍යවරයාට භාරදෙයි

මහර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුවේ අවසන් වාර්තාව අධිකරණ අමාත්‍යවරයාට භාර දී තිබේ.

පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි ෂබ්රි මහතා විසින් කමිටුවක් පත්කරනු ලැබීය.

එහි සභාපති ලෙස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය පත් කළාය.

ඊට අමතරව ජනාධිපති නීතීඥ යූ.ආර් ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලන රෝහණ හපුගස්වත්ත, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණි ජයසිංහ, හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලින්ද රණවීර එහි සෙසු සාමාජිකයින් වේ.

බන්ධනාගාර ගැටුමට හේතු වූ කරුණු සහ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම එම කමිටුවේ කාර්යය භාරය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුවේ නොහැකියාව මහරින් යළි පෙන්නුම් කෙරෙනවා- නාමල්

බන්ධනාගාර පද්ධතියකට තාවකාලික පැලැස්තර යෙදීම නතර කර, එම පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රජය වහා පියවර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු...

සංචාරක කර්මාන්තය නැංවීමට 2027 සිට දිස්ත්‍රික්ක වෙත සෘජු අරමුදල්-ඇමති විජිත

​සංචාරක කර්මාන්තය නැංවීමට 2027 සිට දිස්ත්‍රික්ක වෙත සෘජු අරමුදල් සහ අම්පාරට විදේශ සේවා කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලයක් - අමාත්‍ය විජිත හේරත් ​අම්පාර දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තයේ පවතින...

ආණ්ඩුවට එරෙහිව දයාසිරිගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පසුගියදා...

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කෙරේ

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි. සියලු රැඳවියන් මේ වනවිට ඔවුන්ගේ සිරමැදිරි වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img