Tuesday, September 1, 2026
HomeNEWSපවතින තත්ත්වය ගැන ටිල්වින්ගෙන් විවරණයක්

පවතින තත්ත්වය ගැන ටිල්වින්ගෙන් විවරණයක්

පවතින තත්ත්වය ගැන ටිල්වින්ගෙන් විවරණයක්

යුද හමුදාවකට, කළ නොහැකි වගකීම් පැවරීමෙන් ඔවුන්ගේ ගෞරවය කෙළෙසෙන බව ජනතා විමුක්ති
පෙරමුණ පවසයි.

එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ‘සොරි, කවුද දිනුම්?‘ යන තේමාව යටතේ  පිළියන්දල පැවති සම්මන්ත්‍රණයක් අමතමින් මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ටිල්වින් සිල්වා මහතා,

“දැන් රට හදනවා නම් ඒ අයට බලය නෑ කියන්න බෑ. බලය ඇති තරම් තියෙනවා. වැඩ පෙන්වන්න එපැයි. මාස 14ක් ගත වුණා තාම වැඩ පෙන්නුවේ නෑ. ජනාධිපතිවරණය දිනලා ජනතාව සන්තෝෂයෙන් පාරට බැහැලා කිරිබත් කනකොට මට මතක හැටියට පොල් ගෙඩිය රුපියල් 60යි. හාල් කිලෝව රුපියල් 80ට වගේ තිබුණේ. දැන් අපට අපරාදේ කියන්න බෑ අවුරුද්දක් විතර යද්දි පොල් ගෙඩිය රු 100 පැනලා. හාල් කිලෝව රු 100 පැනලා. ලංකාවේ හාල්වල මිල තීරණය කරන්නේ ඩඩ්ලි සිරිසේන මහත්තයා. හාල් එකේ ජනාධිපති මිනිහා. දැන් කෝකටත් තෛලය බවට පත්වෙලා තියෙන්නේ මොකද්ද යුද හමුදාව. කොවිඩ් ආවා ආපු ගමන් මොකද්ද කරේ. කොවිඩ් කියන්නේ අපි කවුරුත් දන්නවා වසංගත රෝගයක්. වසංගත රෝගයක් එක්ක සටන් කරන්න හදන කාර්ය සාධක බලකායේ ප්‍රධානීන් වෙන්න ඕනේ කවුද ? වසංගත රෝග විශේඥවරු. හමුදාවට භාර දුන්නා වැඩේ. දැන් මොකෝ සිද්ධ වුණේ. පසුගිය සතියේ මොකද කරේ දිස්ත්‍රික්ක 25ට කොරෝනා මර්දනය කරන්න කියලා ආයෙමත් පත්කරා හමුදා නිලධාරීන් 25ක්. දැන් කොරෝනා අඩුවෙලා ද? කොරෝනා මෙහෙම අඩුවෙන්නේ නෑ. කොරෝනා ආයුධවලට භය නෑ. ඒකට වෛද්‍ය විද්‍යාත්මක ප්‍රවේශයක් ඕනේ. හමුදාවට අලුත් බළකායක් හැදුවා. කෘෂිකර්ම හා පශු සම්පත් බළකාය. ගොවිතැන් කරන්නයි සත්තු බලන්නයි. කරන්න පුළුවන් ද මේක. හමුදාවේ සොල්දාදුවන්ගේ ගරුත්වය විනාශ වෙන වැඩක් මේක. විකාර රූපී ආණ්ඩුවක් මේක. වී මිල දී ගැනීම පැවරුවා හමුදාවට. දැන් ඩේටා බේස් නෑ. වීත් නෑ. හාල් ගණන් ගියා. සේනා දැළඹු වසංගතයට රුවන්ඩාවෙන් ගෙනවා. රුවන්ඩාව කියන්නේ අප්‍රිකාවේ තියෙන හොඳටම අප්සට්ම රට. අපි ඊටත් පහළින් ඉන්නේ. ගෝඨාට බෑ නෙමෙයි. ගෝඨාභය මහත්තයා, මහින්ද මහත්තයා, රනිල් මහත්තයා පවත්වාගෙන ආපු සිස්ටම් එකට බෑ. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට වසර 7ක සිර දඬුවම්

දූෂණ චෝදනාවකට වරදකරු වූ හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට කොළඹ මහාධිකරණය විසින් වසර 7 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරයි.

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img