Sunday, November 15, 2026
HomeNEWSවගකීම් විරහිතව කටයුතු කළොත් මට වගකියන්න බෑ -අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් කියයි

වගකීම් විරහිතව කටයුතු කළොත් මට වගකියන්න බෑ -අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් කියයි

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති මාර්ගෝපදේශවලට අනුව පාසල්වල අධ්‍යයන කටයුතු සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

“අද දෙරණ BIG FOCUS“ වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා මේ බව පැවසීය.

“බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සහ අද, ඊයේ වන විට යම්කිසි ප්‍රදේශයක පාසලක් විවෘත කිරීමට බැරි තත්ත්වයක් කොවිඩ්-19 නිසා හුදකලා කරලා තියෙනවානම් ඒ ප්‍රදේශ හැර අනෙකුත් සියලුම පාසල් 2, 3, 4, 5, 6, 13 දක්වා විවෘත කරන්න තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ සූදානම.“

ප්‍රශ්නය – සියලුම කටයුතු කිව්වහම. දැන් ගියපාර කිව්වා පාසලට මෙච්චරක් දුන්නා මේ ටික යැවුවා. දැන් සල්ලි ඇවිල්ලා තියෙන්නේ කියලා හැබැයි සමහර අය කිව්වා නැහැ සල්ලි ඇවිත් නැහැ ඔය කිව්වට. දැන් ඔබතුමා යවපු හැම පාසලකටම ඔය සල්ලි ගිහිල්ල ද?

“අවම ප්‍රමාණය ළමයි 70ට අඩු නම් රුපියල් 8000ක්,  ළමයි 10,000 වැඩී නම් රුපියල් 22,000ක්, ළමයි 70-200 රුපියල් 14,000ක්, ළමයි 200-500 දක්වානම් රුපියල් 18,000යි.“

ප්‍රශ්නය – ඒ මොනවාට ද?

“ගියවර අපි පාසල් පටන්ගත්තේ නොවැම්බර් 23 වන දා 6 සිට 13 දක්වා දැන් හෙට ආරම්භ වෙන කොට 2, 3, 4,  ආරහම්භ වෙනවා. එවිට ඒ 2, 3, 4, තිබිච්ච පන්ති තියෙනවා ළමයි සංඛ්‍යාව වැඩි ගිලන් කාමරයේ අඩුපාඩු තියෙනවා නම්, අත්සෝදන දියර සබන් කැට, වැනි සෞඛ්‍ය ආරක්ෂා කිරීම සඳහා විෂබීහරණය කිරීම සඳහා අවශ්‍ය දේවල් තියෙනවා නම් ඒ දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අවශ්‍ය වෙන නැවත ක්ෂය වන දේ, ක්ෂය වී අවසන් ඒවා නැවතත් ලබා ගැනීම සඳහා.“

ප්‍රශ්නය – බස්නාහිර පළාතේ පදිංචි ගුරුවරුන් වෙනත් පාසල්වල වැඩකරන අය පාසල් යා යුතුද ? 

“අපි පළමුවෙන් කල්පනා කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශ දෙනවානම් අපිට යවන්නට පුළුවන් කියන එක. නමුත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුම කිව්වා එහෙම යවන්න එපා කියලා. නමුත් දෛනික නමුත් තවමත් හුදකලා කරලා තියෙනවා නම් විශේෂයෙන් අපි ගත්තොත් බස්නාහිර පළාතේ ඉදන් සබරගමුව පළාතට, බස්නාහිර පළාතේ ඉදන් වයඹ පළාතට ඒවානේ මායිමව තියෙන්නේ එතකොට මම පෞද්ගලිකව හිතුවේ දෛනික යනවානම් ප්‍රශ්නයක් තියෙනවා එසේ නම් සෞඛ්‍ය ලේකම්තුමා කිව්වා දෛනිකව යනවා එනවානම් බස්නාහිර පළාතෙන් යන්න බැහැ.“

ප්‍රශ්නය – ගියපාර කිව්වා ළමයිට කොරෝනා බෝ වුණොත් වගකීම ගන්නවා කියලා. දැන් කියනවා බෝ වෙන්නත් පුළුවන් කියලා. මොකක්ද මේ කථ දෙකක් ?

“වගකීම් විරහිතව කටයුතු කළොත් මට වගකීම ගන්නට බැහැ. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img