Tuesday, September 1, 2026
HomeNEWSරන්ජන් ව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රැගෙන යයි

රන්ජන් ව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රැගෙන යයි

රන්ජන් ව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රැගෙන යයි

වසර 04ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා නිරෝධායනය සඳහා පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය වෙත රැගෙන ගියේය.

සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (12) දිනයේ දී ඒකමතික තීන්දුවක් ප්‍රකාශයට පත්කරමින් රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම කෙරිණි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු සිසිර ද ආබෲ මහතා සඳහන් කර සිටියේ, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් වග උත්තරකාර රන්ජන් රාමනායක මහතා වෙත එල්ල කර තිබෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවය.

ඒ අනුව රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරන බවත් ඒ සඳහා ඔහුට බරපතළ වැඩ සහිත වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කරන බවත් තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.

විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් වගඋත්තරකාර රන්ජන් රාමනායක හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව එම චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබුණි.

2017 වසරේ අගෝස්තු මස 21 වන දා කොළඹ, අරලියගහ මන්දිරයේ දී එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img