Tuesday, September 1, 2026
HomeNEWSහම්බන්තොට වරාය විකුණනකොට මේ අය හැංගිලා හිටියේ - අමාත්‍ය ගාමිණී ලොකුගේ

හම්බන්තොට වරාය විකුණනකොට මේ අය හැංගිලා හිටියේ – අමාත්‍ය ගාමිණී ලොකුගේ

හම්බන්තොට වරාය විකුණනකොට මේ අය හැංගිලා හිටියේ – අමාත්‍ය ගාමිණී ලොකුගේ

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ලබාදීමට සිදුවී ඇත්තේ වෙනත් දේශපාලන තත්ත්වයක් මත බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

එසේ නොමැතිව එහි පාඩු ලබන තත්ත්වයක් හෝ මෙහෙයුම් සිදුකරගෙන යෑමට නොහැකි තත්ත්වයක් නොමැති බවද ඔහු පෙන්වා දෙයි.

කෙසේවෙතත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදුදීම හෝ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (13) පැහැදිළි කළේය.

එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා රජයට 51% අයිතිය සහ ඉතිරි 49% ඉන්දීයාවේ “අදානි” සමාගමටත්, වෙනත් පාර්ශ්වයන්ටත් කොටස්කරුවන් වශයෙන් හවුල් විය හැකි ආයෝජනයක් ලෙස පර්යන්තය සංවර්ධනය කිරීම සැලසුම බවය.

මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පාලනයෙන් සියයට 49 ක් විදෙස් ආයෝජකයින් සඳහා ලබාදීමේ රජයේ තීරණය සම්බන්ධයෙන් අද (14) පාර්ශ්ව කිහිපයක්ම අදහස් පළකර තිබුණි.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ, “මේ රටේ තියෙන අවසාන රාජ්‍ය දේපළ පද්ධතියත් පිටරැටියන්ට විකුණා දැමීමේ මෙහෙයුමක් ආණ්ඩුව පටන් අරන් තියෙන්නෙ,” යනුවෙනි.

ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සඳහන් කළේ, “හම්බන්තොට වරාය විකුණනකොට මේ අය කොහෙද හිටියෙ දන්නෑ. හැංගිලා හිටියා. කොළඹ වරාය විකුණන්නේ නෑ,” යනුවෙනි.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා,“පාඩු ලබනවා කියන කතාවක්වත් කරගෙන යන්න බෑ කියන කතාවක්වත් මෙතන නෑ. ඉතා පැහැදිළියි. වෙන දේශපාලන තත්ත්වයක් උඩ තමයි දෙන්න වෙලා තියෙන්නෙ.”යනුවෙන් පෙන්වා දුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img