Tuesday, September 1, 2026
HomeNEWSඋපකාරක පන්ති ගැන තීරණය ළඟදීම

උපකාරක පන්ති ගැන තීරණය ළඟදීම

උපකාරක පන්ති ගැන තීරණය ළඟදීම

කොවිඩ් වාතාවරණය තුළ උපකාරක පන්ති යළි ඇරඹීම සඳහා වන දිනයක් එළඹෙන සතියේදී දැනුම්දිය හැකි වනු ඇතැයි යුද හමුදපතිවරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (15) ප්‍රකාශ කරන ලදි.

ඒ උපකාරක පන්ති ගුරුවරුන් සමඟ පැවති සාකච්ඡාවක් අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඔවුන් දෙපළ සමඟ පැවැත්වූ දුරකථන සංවාදයකදීය.

උපකාරක පන්ති ගුරුවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද විපක්ෂ නායක කාර්යාලයේදී පැවති අතර උපකාරක පන්ති ගුරුවරුන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් එහිදී දැනුවත් කෙරුණි.

එහිදී, සමස්ත ලංකා වෘත්තිය දේශකවරුන්ගේ සංගමයේ සභාපති අමිත් පුස්සැල්ල මහතා සඳහන් කළේ, “ටියුෂන් කිව්වාම සමහරු හිතන්නේ ළමයි ලොකුවට රැස්වෙයි. මේක ව්‍යාප්තවෙයි කියන මතයක් තමයි ගොඩාක් වෙලාවට සෞඛ්‍ය අංශවල අපි කරපු සාකච්ඡාවලදී කියන්නේ. ඒගොල්ලෝ මේක ගැන සුබවාදී මතයක නැහැ. පන්ති ආරම්භය ගැන. ඇත්තටම ගුරුවරු ගොඩාක් කලකිරීමකින් ඉන්නවා,” යනුවෙනි.

ඊට පිළිතුරු දුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ, 
“උපකාරක පන්ති පවත්වන ක්ෂේත්‍රය වෙනුවෙන් මම ලෑස්තියි, ඔබතුමන්ලා වෙනුවෙන් දිගටම පෙනී සිටින්න. මම හමුදාපතිතුමාට ඕන නම් කෝල් එකක් ගන්නම් දැන්.” 

“හමුදාපතිතුමා, මම දැන් පොඩි ඔෆිෂියල් වැඩක ඉන්න ගමන් කථාකරන්නේ. දැන් මාව හමුවෙන්න ඇවිල්ල ඉන්නවා පන්ති ක්‍රියාත්මක කරන වෘත්තියවේදීන්. ඔබතුමා කැමති නම් එතුමන්ලා එක්ක පොඩි විනාඩි දෙක තුනක් කථා කරන්න පුළුවන්ද?,” යනුවෙනි.

“මෙහෙමයි, දැන් ඔය කට්ටියගේ ඔබතුමන්ලාගේ සංගමයේ පිරිසක් ආවා. ඒ කණ්ඩායම් දෙක ඇවිල්ලා, ගිය සතියේ හමුවුණා. ඒ කණ්ඩායම් දෙකටම කිව්වා මේ සතියේ අපි උත්තරයක් ලබාදෙනවා කියලා. අපි දැන් කියලා තියනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ මාලාවක් දෙන්න තියෙනවා. ඒක බොහෝ දුරට අද දෙයි. ඊට පස්සේ අපි ලබාදෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. පාසල් ඇරලා තියෙන ප්‍රදේශවල ඒ ආකාරයෙන් පවත්වාගෙන යාමේ විරුද්ධත්වයක් නැහැ කියලා තියෙනවා. මේ සති අන්තයේ බොහෝදුරට උත්තරයක් හම්බවෙනවා අනිවාර්යෙන්,” යනුවෙන් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එහිදී පැහැදිළි කළේය.

ඊට ප්‍රතිචාර දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා,“මම හිතන්නේ එතුමා සාමාන්‍යයෙන් වචනයක් දුන්නොත් ඒක කරයි,” යනුවෙන් පෙන්වා දුනි. 

අනතුරුව විපක්ෂ නායකවරයා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාව ද දුරකථනයෙන් සම්බන්ධ කරගත්තේය.

“සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා, මම සජිත්, කමක් නැද්ද මේ උපකාරක පන්ති ගුරුවරුන්ටත් ඇහෙන්නම මේක දැම්මාට”

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා, “මම හිතනවා ඇත්තටම ඊළඟ සතියේ දිනයක් දාලා දෙන්න පුළුවන්,”යනුවෙන් පවසා සිටියේ ය.

“අපි සාකච්ඡා කරපු සියලුම දේවල් මම සටහන් කරගත්තා. මම මේවා ෆලෝඅප් කරලා පසුවිපරමක් කරලා. මම ඔබතුමන්ලා වෙනුවෙන් පෙනී සිටිනවා,”යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img