Tuesday, September 1, 2026
HomeNEWSජනපති හිටපු ජනපතිට කළ ආරාධනය

ජනපති හිටපු ජනපතිට කළ ආරාධනය

“ගම සමග පිළිසඳර”  6 වන අදියර අද (16) පොළොන්නරුව, මැදිරිගිරිය, බිසෝපුර, වෙඩිකච්චිය ගම්මානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණි.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

අලුතින් ස්ථාපිත කෙරුණු මෙම ගම්මානයේ ජනතාව දැඩි ලෙස පිඩා විඳින වනඅලි ගැටලුව සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු විය.

ප්‍රථමයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිරිගිරිය මහවැලි ප්‍රාථමික විද්‍යාලයේ නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමට එක් විය.

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කළේය.

එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත් හා රොෂාන් රණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

අනතුරුව ජනතාව ජනාධිපතිවරයා වෙත සිය ප්‍රශ්න ඉදිරිපත් කිරීම ආරම්භ විය.

ගම්වැසියෙක් – “අපේ අලිවැට ගැමුණුපුර සිට දහම්වැව හරහා අග්බෝපුර දක්වා ඉදිකර තිබෙනවා. නමුත් ඒ අලිවැට මේ වනවිට අක්‍රීය තත්ත්වයේ පවතින්නේ. ඒ අලිවැටේ විදුලිය සක්‍රීය කරලා දෙන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලන්නේ.”

නිලධාරියෙක් – “ඒ ඉල්ලපු වෙනස්කම කරන්න සැලසුම් කරලා තියෙන්නෙ.” 

ගම්වැසියෙක් – “වත්මන් අගමැතිතුමා හිටපු කාලේ 2013 ගල්පොත්ත අයිනෙන් අලිවැට ගැහුවා. ඒක පහුගියකාලේ හිටපු නිලධාරියෙක් හිතුවක්කාර ලෙස සම්පූර්ණයෙන් අයින් කලා.”

නිලධාරියෙක් – “ඒක, ගහලා තියෙන අලිවැට මායිමේ ගහලා තියෙන්නේ. නමුත් දැන් ඒකෙදි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒක ගලවලා ඒක පස්සට කරන්න පියවර ගන්නම්.”

ගම්වැසියෙක් – “පරම්පරා ගණනක් අපි ගවයින් තමයි ඇති කළේ. දැනට වනජීවි එකේ නිලධාරී මහත්තුරු කියනවා අපි ගවයින් තියාගෙන හිටපු තැනින් සතියක් ඇතුළත අපේ හරක් අරගෙන යන්න කියලා. ගරු ජනාධිපතිතුමනි ඔබතුමාට වැඳලා අපි කියන්නේ, අපිට රැකී රක්ෂා එපා. කොතනක හරි අපේ හරක් ටික රැකගෙන ජීවත්වෙන්න හදලා දෙන්න.”

නිලධාරියෙක් – “කිරිගොවීන් දාන්න තැන් හොයලා තියෙනවා. කන්දකාඩු ප්‍රදේශයේ අක්කර 3750ක්.”

ජනාධිපතිවරයා – “දැන් මේ අය කොහොමද එච්චර දුර යන්නේ.”

නිලධාරියෙක් – “හරක් හිටියාම වෙන්නේ. උලා කෑම නිසා අලින්ට තියෙන කෑමටික නැතිවෙනවා. අලි එළියට බැහැලා..අලි ප්‍රශ්නය වැඩි වෙලා තියෙනවා. හරක් කුරවලට වතුර බොර වුණාම අලි ඒ වතුර බොන්නේ නෑ.”

ජනාධිපතිවරයා – “දැනට මේ අයට ඉඩ දෙන්න. ඊට පස්සේ බලන්න මොකක්ද කරන්න පුළුවන් කියලා. ඒ ප්‍රදේශයෙන්ම තෘණ භූමියක් හොයා ගන්න පුළුවන්ද බලන්න.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img