Tuesday, September 1, 2026
HomeNEWSනිරෝධායන හෝටල් ගාස්තු අඩු කෙරේ

නිරෝධායන හෝටල් ගාස්තු අඩු කෙරේ

නිරෝධායන හෝටල් ගාස්තු අඩු කෙරේ

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් ක්‍රමවේදයන් දෙකක් යටතේ මෙරටට ගෙන්වීමට කටයුතු කරඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

නිරෝධායනය සඳහා හෝටල්වලට යොමු කෙරෙන පිරිසට ද යම් ගාස්තු අඩුවීමක් සිදු කිරීමට පියවර ගෙන ඇති බවද යුද හමුදාපතිවරයා පැවසීය.

අද උදෑසන දෙරණ අරුණ වැඩසටහන සමග එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව පැවසීය.

“විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් ක්‍රමවේද 2ක් යටතේ ලංකාවට ගේනවා. විශේෂයෙන් මැදපෙරදිග සිට පැමිණෙන ලාංකිකයන්ට තමයි මේ ප්‍රශ්නය වැඩිපුරම බලපාලා තිබුණේ. එකක් තමයි රජයේ මැදිහත්වීමෙන් සූදානම් කරපු ගුවන්යානා දිනකට එක බැගින් ශ්‍රී ලාංකිකයන් රැගෙන ඒම. ඒවගේම විවිධ රටවල්වලින් විවිධ ගුවන්යානා සමාගම්වලින් ගුවන් යානා ලංකාවට පැමිණෙනවා. ඒ පැමිණෙන ගුවන්යානාවලත් ශ්‍රී ලාංකිකයන් 75කට ආසන්න සංඛ්‍යාවක් රැගෙන ඒමට අපි අවසර දීලා තියෙනවා. මෙන්න මේ එන්නේ හෝටල්වලට එන්න ඕන කට්ටිය. 300ක් විතර ගේන්න පුළුවන් ගුවන් යානයක තමයි 50ක් 75ක් ගේන්නේ. මෙන්න මේ නිසා වෙන්න ඇති ටිකට් පත වැඩි ගණනකින් ගන්න වෙලා තිබුණේ.  අපි පැහැදිළිව දැනුම්දීලා තියෙනවා අපේ ජනතාවට මේක කරන්න එපා කියලා. දැන් යම්කිසි ආකාරයකින් අඩු කිරීමක් තිබෙනවා. අනික් කරුණ තරු 4 සහ තරු 5 හෝටල්වලට 7,500යි 12,500යි කියලා දුන්නා. පසුකාලීනව අනෙක් හෝටලුත් ඉල්ලුවා නිරෝධායනය කරන්න. ඊට පස්සෙ තමයි ප්‍රශ්න ඇති වෙන්න ගත්තේ. ඊයේ දිනයේ අපිට හෝටල් හිමියන් ගණන් දීලා තිබුණා. තරු 5, තරු 4, තරු 3 සහ ඊට පල්ලෙහා හෝටල්වල. අපි කළ සාකච්ඡා අනුව හෙට හෝ අනිද්දා අය කරන ගාස්තු අඩු කිරීමක් ලැබෙයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img