Tuesday, September 1, 2026
HomeNEWSබූස්ස සතොස ගබඩා කළමනාකරුගේ වැඩතහනම්

බූස්ස සතොස ගබඩා කළමනාකරුගේ වැඩතහනම්

බූස්ස සතොස ගබඩා කළමනාකරුගේ වැඩතහනම්

බූස්ස සමූපාකාර තොග සංස්ථාවේ කළමණාකරුගේ වැඩතහනම් කරන ලෙස වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නියමකර තිබේ.

අමාත්‍යවරයා ඊයේ (17) පස්වරුවේ බූස්ස සතොස ගබඩා සංකීර්ණයේ නීරික්ෂණ චාරිකාවකට එක් ව ඇත.

එහිදී වෙළෙඳපොළේ පවතින මිලට වඩා රුපියල් 30ක් පමණ අඩුවෙන් සතොස අලෙවිසැල් සඳහා අලෙවියට නියම කර ඇති දේශිය තේ පැකට් තොගයක් අලෙවි සැල් සඳහා බෙදා නොහැර රෙදි සෝදන සබන් අතර සඟවා තිබියදී සොයාගත් බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේය.

එමඟින් පාරිභෝගිකයන්ට ලබාදුන් සහන ලබා නොදී කඩාකප්පල් ක්‍රියාවක් සිදුකර ඇති බව අමාත්‍යවරයා පවසයි.

ඒ හේතුවෙන් බූස්ස සතොස ගබඩාවේ කළමනාකරුගේ වැඩතහනම් කර මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාට නියෝග කර තිබේ.

එමෙන්ම එහිදී වරදකරුවන් වන සියලු දෙනාට තරතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලබාදුන් බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර, පෙබරවාරි මස 01 වනදා සිට අත්‍යාවශ්‍ය භාණ්ඩ 10කට අධික සංඛ්‍යාවකට ස්ථාවර මිලක් පැනවීමට කටයුතු කරන බව ද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කරයි.

එය මාස 06ක් සඳහා වංලගු වන බව අමාත්‍යවරයා පැවසීය.

බදු පැනවීමක් හෝ විදේශ විනිමයේ වෙනස් සිදුනොවුනහොත් එම මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ද බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img