Monday, August 31, 2026
HomeNEWSවලපනේ භූ කම්පනය ගැන පැහැදිළි කිරීමක්

වලපනේ භූ කම්පනය ගැන පැහැදිළි කිරීමක්

වලපනේ භූ කම්පනය ගැන පැහැදිළි කිරීමක්

වලපනේ ප්‍රදේශයේ ඇති වූ භූ කම්පනය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ විමර්ශන කණ්ඩායමක් අදාළ ප්‍රදේශයට පිටත්ව ගොස් තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යංශයේ සභාපති අනුර වල්පොළ මහතා සඳහන් කළේ අදාළ භූ කම්පනය ස්වාභාවිකව සිදු වූ බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බවය.

ඊයේ (23) අලුයම 03.30 ට පමණ වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව රිච්ටර් මාපකයේ ඒකක 1.8 ප්‍රභලත්වයකින් යුත් සුළු භූ කම්පන තත්වයක් වාර්තා වී තිබුණි.

ඒ පිළිබඳව සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් අදහස් දැක් වූ භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යංශයේ සභාපති අනුර වල්පොළ මහතා පැවසූවේ, “මේ පිළිබඳව නිවරැදි තොරතුරු අද දවස ඇතුළත ලබාගන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තුවෙනවා. දැනට තිබෙන තොරතුරු අනුව පැහැදිළිව කියන්න පුළුවන් මේක ස්වභාවිකව තත්ත්වයන් යටතේ ඇති වූ එකක් කියලා,” යනුවෙනි.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට.

ඉරානයේ ලාරක් දූපත ඉලක්ක කරගෙන ඇමෙරිකානු ප්‍රහාර

ලාරක් දූපතේ ඉරාන මිසයිල දියත් කරන ස්ථාන දෙකක් ඉලක්ක කරමින් අමෙරිකානු හමුදා ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් හමුදා සාමාජිකයන් සහ සාමාන්‍ය වැසියන් මියගොස්...

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img