Monday, August 31, 2026
HomeNEWSකොවිඩ් පාලනයෙන් ශ්‍රී ලංකාව ලෝකෙන්ම 10 වන ස්ථානයට

කොවිඩ් පාලනයෙන් ශ්‍රී ලංකාව ලෝකෙන්ම 10 වන ස්ථානයට

කොවිඩ් පාලනයෙන් ශ්‍රී ලංකාව ලෝකෙන්ම 10 වන ස්ථානයට

කොවිඩ් නයින්ටීන් වෛරසය සාර්ථකව කළමනාකරණය කිරීමට සමත් වූ රටවල් අතරින් 10 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

ඔස්ට්‍රේලියානු අධ්‍යයන ආයතනයක් වන “ලෝවි“ ආයතනය විසින් සිදුකළ සමීක්ෂණයකට අනුව මෙම තොරතුරු අනාවරණය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

රටවල් 98 ක් යොදා ගනිමින් එම සමීක්ෂණය සිදුකර ඇති බව සඳහන් වේ.

එහිදී ශ්‍රී ලංකාවට 10 වන ස්ථානය හිමිව ඇති අතර එහි පළමු ස්ථානයට පත්ව ඇත්තේ නවසීලන්තයයි.

දෙවන ස්ථානය වියට්නාමයටත්, තෙවන ස්ථානය තායිවානයටත්, සිව්වන ස්ථානයට තායිලන්තයත් ශ්‍රේණිගත වී තිබේ.

හයවන ස්ථානයේ රුවන්ඩාව, හත්වන ස්ථානයේ අයිස්ලන්තය, අටවන ස්ථානයේ ඔස්ට්‍රේලියාව සහ නවවන ස්ථානයේ ලැට්වියාව පසුවෙයි.

ශ්‍රේණිගත කිරීම සඳහා එක් එක් රටක හමුවී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන, තහවුරු වූ කොවිඩ් ආසාදිත මරණ සහ ආසාදිතයින් හඳුනාගැනීමට සිදුකරන පරීක්ෂණ වල කාර්යක්ෂමතාව යොදා ගෙන තිබේ.

එම සටහනේ ඉන්දියාවට හිමිව ඇත්තේ 86 වන ස්ථානයයි.

අදාළ සමීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරමින් ලෝවි ආයතනය පෙන්වාදෙන්නේ මෙම අධ්‍යයනයට චීනය දායක කර නොගත් බවය.

චීනය විසින් තහවුරු කළ දත්ත ප්‍රමාණවත් පරිදි ලබානොදීම ඊට හේතුව බව ද එම ආයතනය සඳහන් කළේය.  විශාල රටවලට සාපේක්ෂව කුඩා රටවල් සාර්ථකව කොවිඩ් එන්නත පාලනය කර ඇති බව එම ආයතනයේ පර්යේෂකයෙක් වන හර්වේ ලේමාහියුවේ පැවසීය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳ වෙලා- පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල්

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ අයගේ කටෙන්ම කියවගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි-නාමල් රාජපක්ෂ එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ...

ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතයට අදාළ නීතිය පිළිබඳව පොලිසියෙන් දැනුම් දීමක්

මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img