Monday, August 31, 2026
HomeNEWSIDH රෝහලේ දී එන්නත්කරණ වැඩසටහන ඇරඹේ

IDH රෝහලේ දී එන්නත්කරණ වැඩසටහන ඇරඹේ

IDH රෝහලේ දී එන්නත්කරණ වැඩසටහන ඇරඹේ

ඉන්දිය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට රැගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් අද පස්වරුවේ කොළඹ ජාතික රෝහල, කොළඹ උතුර ශික්ෂණ රෝහල, කොළඹ දකුණ ශික්ෂණ රෝහල, හෝමාගම මූලික රෝහල, මුල්ලේරියාව මූලික රෝහල හා IDH රෝහල වෙත බෙදා හැරීම ආරම්භ කිරීමට නියමිතව තිබුණි.

එම රෝහල්වලදි හෙට (29) සිට එන්නත්කරණය ආරම්භ වීමට නියමිතය.

එන්නත් බෙදාහරින අවස්ථාවට සහභාගී වූ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසූවේ.

“වසංගත රෝග විද්‍යා අංශයේ තියෙන මධ්‍යම එන්නත් ගබඩාවට මේ ලැබුණු එන්නත් මාත්‍රා ලක්ෂ 5 අපි අද රාත්‍රීයේදීම බෙදා හැරීම පටන්ගන්වා. හෙට දවස තුළ අපි බස්නාහිර පළාතේ ස්ථාන කිහිපයක එන්නත්කරණය අරඹනවා. හෙට දවස වෙද්දි අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ දිස්ත්‍රික්කවල තියෙනවා ප්‍රාදේශිය එන්නත් ගබඩා. ඒ එන්නත් ගබඩාවලට මේ එන්නත් පිටත් කරනවා. එතනින් පසු සෙනසුරාදා සිට සෑම දිස්ත්‍රික්කයකම එන්නත් කරණය ආරම්භ වෙනවා.“

එන්නත හෙට දිනයේ සිට ලබාදීමේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැහැදිළි කළේය.

“හෙට උදෑසන අංගොඩ ජාතික වසංගත රෝග විද්‍යා ආයතනයේදී මෙම එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරනවා. කොළඹ නගරයේ තවත් ස්ථාන කිපයකදීත් එන්නත් ලබාදීම සිදු කරන්න නියමිතයි. හෙට දිනය තුළ යුද හමුදාව මගිනුත් ආරක්ෂක සේවයේ නියුතු පිරිස් සඳහා එන්නත් ලබාදීම සිදුකරන්න බලාපොරොත්තුවෙනවා. චීන තානාපතිතුමා සමගත් අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. එහිදී චීනයේ නිෂ්පාදිත කොවිඩ් එන්නත ලංකාවට ලබා ගැනීමට අදාළ අවසන් එකඟතාවට එළඹෙන්න.”

‍මේ අතර එන්නත් ලබාදීමෙන් අනතුරුව ඒ පිළිබඳව පසුවිපරමක් ද සිදු කෙරෙන බව මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳ වෙලා- පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල්

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ අයගේ කටෙන්ම කියවගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි-නාමල් රාජපක්ෂ එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ...

ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතයට අදාළ නීතිය පිළිබඳව පොලිසියෙන් දැනුම් දීමක්

මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img